යතුරුපැදි අනතුරකින් කුඩාපාඩුවේ තරුණයෙකුට දිවි අහිමි වෙයි

0
576

WhatsApp Image 2025 08 19 at 15.05.05 753b8c15

WhatsApp Image 2025 08 19 at 15.05.04 49508b89

WhatsApp Image 2025 08 19 at 15.05.03 87ebcaa7WhatsApp Image 2025 08 19 at 15.05.05 753b8c15

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදී පසුගිය 15 වැනි (15/08/2025 ) සිකුරාදා දින සවස සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වී ගිය පුවතක් වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත්තේ 2006 වසරේ මාර්තු මස 10 වැනි දින උපත ලද, මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ, විසූ ඩබ්ලියු. ෂෙහාන් මිහිරංග පුනාන්දු නැමැති, දැනට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ අපොස උසස් පෙළ අවසන් වසරේ ඉගෙනුම ලැබූ තරුණයෙකි.
වාර්තා වන පරිදි එදින සවස 5.00 ත් 5.30 ත් අතර කාලය තුළ මෙම තරුණයා තම හිතවතෙකුගේ ක්ලච් සහිත යතුරුපැදියකින් කුඩාපාඩුව , පීටර්ස් මෙන්ඩිස් මාවතේ සිට පෙරේරා පෙදෙස දෙසට යාමට පැමිණ තිබිණි. එහෙත් මෙම තරුණයාට ඔටෝ ගියර් සහිත යතුරු පැදි ධාවනය කිරීමට පළපුරුද්දක් තිබුනත් ක්ලච් සහිත යතුරුපැදි ධාවනය කිරීමට එතරම් පළපුරුද්දක් සහ පුහුණුවක් නොතිබූ බවද වාර්තා විය.. ඒ අනුව පෙරේරා පෙදෙස දෙසට යාමට පැමිණි ඔහුට තමන් පැද ආ ක්ලච් සහිත යතුරු පැදියේ ඒ අවස්ථාවේ ධාවනය වූ වේගය පාලනය කරගත නොහැකිව, ගේට්ටු කණුවක ගැටී තිබේ. එමෙන්ම ඔහු අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂක හිස් වැසුමක් පැළඳ සිටියත්, ඔහු යතුරු පැදිය පදවා ගෙන ආ වේගය පාලනය කර ගැනීමට ඔහුට නොහැකි වීමෙන් එම ගේට්ටු කණුවේ ගැටී, ආරක්ෂක හිස්වැසුමද කොටස් කිහිපයකටම කැඩී ගොස් තිබේ. ඔහුව ගේට්ටු කණුවේ ගැටුණු වේගයට ඔහුගේ බෙල්ල සහ හිස ප්‍රදේශය අභ්‍යන්තරික ලෙස තුවාල සහ දරුණු ලෙස සිද්‍රවු බිඳී යාමි කිහිපයක් නිසාවෙන් මෙම තරුණයා එම ස්ථානයේදී මිය ගොස් තිබූ බවද වාර්තා විය. කඩිනමින් ඔහුව මීගමුව, මහ රෝහලට රැගෙන ගියද ,රෝහලින් පවසා තිබුණේ ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි.
මෙලෙස තම තරුණ දිවියේදීම ජීවිතයෙන් සමු ගත් ෂෙහාන් මිහිරංග ප්‍රනාන්දු නමැති මෙම තරුණ සිසුවා මේ වසරේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට සිටි, මීගමු මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවෙකි. පවුලේ එකම දරුවා වන ෂෙහාන් ම්හිරංග එතරම් කලබලකාරී, සහ හිතුවක්කාරි තරුණයකු නොවන බවත් ඔහු කීකරු සහ වීනිත දරුවෙකු බවත් එම ප්‍රදෙශවාසීන් සහ ඔහුගේ පාසල් මිතුරන් පවසති. ඔහුගේ පියා මේ වන විට ඉතාලියේ රැකියාවක් කරමින් සිටිනා බවත්, මෙම අනතුර සිදුවූ දින එනම් අගෝස්තු 15 වැනි දින මඩු දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය සඳහා ඔහුගේ මව ඒ සඳහා පිටත්ව ගොස් තිබිණි. වාර්තා වන පරිදි මෙම මඩු මංගල්‍යයට යෑමට ඔහුගේ මව, ඔහුටද සූදානම් වන ලෙස ප්‍රකාශ කළ ද ,ඔහු ඒ සඳහා යාමට මැලිකමක් දක්වා ඇති අතර, ඔහුව තම මවගේ ඥාතිවරයෙකුට භාරදී ඔහුගේ මව පමණක් ,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ වර්තමානයේදී තරුණ දරුවන්ව මව්පියන්ගේ නෙත් මානයේම තබා ගනිමින් ආරක්ෂා කළ යුතු තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බවයි. එමෙන්ම කුඩාපාඩුව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පවසන්නේ දරුවෙකු නිවසේ තනිව තබායෑම හෝ ඥාතියෙකුට භාරදී යන්නේ නම්ම ,ඒ පිළිබඳවද දෙමව්පියන් එක් වරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු තත්ත්වයක් බවයි.

ඉතා අවාසනාවන්ත ලෙස මෙම යතුරුපැදි අනතුරින් මරණයට පත් වූ ෂෙහාන් මිහිරංග නැමැති මෙම තරුණ දරුවාගේ අවසන් කටයුතු  දින (18/08/2025) සවස, මීගමුව, වැල්ලවීදිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here