ජපානයේ ටෝකියෝහි ප්‍රධාන මත්ස්‍ය වෙලඳ සංකීර්ණයේ පැවැති මසුන් වෙන්දේසියකදී යෙන් මිලියන 510.3කට අලෙවි වූ Bluefin Tuna කෙනෙක් ගැන මාධ්‍ය වාර්තා කරල තියෙනවා.ඒ කියන්නේ පවුම් මිලියන 2.4ක පමණ මිලක්..
” Tuna King ” ලෙස තමන්වම හදුන්වා ගන්නා Kiyoshi Kimura කියන Sushi ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක් තමා මේ ටූනා මත්සයාව මිලදීගෙන තියන්නේ.
ජපානයේ උතුරු ප්‍රදේශයෙන් ධීවරයන්ට හමුව ඇති මෙම Bluefin Tunaගේ බර කිලෝ 243ක් ඒ කියන්නේ රාත්තල් 536ක්. මේ විදියට පැවැත්වෙන වෙන්දීසි වලදී වැඩිම මිලකට අලෙවි වූ Tuna මෙයා කියල තමා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරල තියෙන්නේ. මීට කලින් 2019 දී බර කිලෝ 278ක් බර bluefin කෙනෙක් යෙන් මිලියන 333.6කට අලෙවි වෙලා තියනවා.ඒ වගේම පසුගිය වසරේ පැවැති මෙවැනිම වෙන්දේසියකදී කිලෝ 276ක් බර මාලුවෙන් යෙන් මිලියන 207කටත් අලෙවි වෙලා තියෙනවා.












