රත්නේ අයියේ ඔබට සුබ ගමන්..

0
707

IMG 20250812 161756 copy 800x600 1IMG 20250812 161828රත්නේ අය්යා ලෙස අප ආදරෙන් ඇමතු මිහිදුකුලසූරිය රත්නසිරි වයස අවුරුදු 72 දි ජීවිතෙන් සමුගෙනය.

අද දින ඔහු සිය පවුලේ සැමගෙන් ,නැදැහිතමිතුරන්ගෙන් සමුගෙන දිවුලපිටියේ සුසාන භුමියක මිහිදන් කෙරෙනු ඇත.

අසුව දශකයේ අග භාගයේ ලංකාවේ දේශපාලන භුමිකාව විසින් බිහිකළ තවත් දඩබිමක් තවත් සමුහ මිනිවලක් ගැන මතකයත් , රත්නේ නම් රත්තරන් මිනිසෙකු ගැන මතකයක් අපගේ හදවත් වලින් කිසිදා නික්ම නොයනු ඇත..

අසූව දශකය අවසන් වී අනූව දශකය ඇඹෙන්නේ අසුව දශකයේ ලේ පිපාසිත මිනිමරුවන් විසින් සිදුකළ පුද්ගල ඝාතන දහස් ගනනකට,අතුරුදහන්විම් දහස් ගණකක් වෙනුවෙන් සෝ සුසුම් හෙලුවන්ට යුක්තිය ගැන බලාපොරොත්තුවක් උදාකරමිනි..
රත්නේ අය්යා තමන්ගේ සොහොයුරා මෙන්ම තවත් ගම්වාසින් රැසක් අහිමිවූ වේදනාවත්,වෛරයත් සමඟ කැටිකරගත් වේදනාවන් ,ශක්තියක් කරගනිමින් මිනිමරුවන්ට එරෙහිව ඝාතනයවුවන්ට යුක්තිය ඉටුකිරීමේ උවමනාව ධාරනය කරගත් ගමනක් අරඹා තිබුණි.

ඔහුව අපට හමුවන්නේ අතුරුදහන්වුවන් වෙනුවෙන් වූ පවුල් එකතුව සංවිධානය කළ අනුව දශකයේ මුලය. ඒ ජයන්ති දන්දෙනිය සහ බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් ආරම්භ කළ අතුරුදහන්වුවන්ට යුක්තිය,සාධාරණය ඉටුකිරිමේ ව්‍යාපාරය තුලය.
එතැන් පටන් රත්නේ අය්යාගේ ජීවිතයම අරගල භූමියක් වූ බව අප දනිමු.
ඔහු කළ අරගලය තුල ඝාතනයට ලක්වුවන්,සහ අතුරුදන් කළ අයට යුක්තියට ඉටුකර ගැනිමට නොහැකි වුවද රත්නේ අයියා අපට කදිම ජිවිත ආදර්ශයක් ඉතිරිකරමින් අද සමුගෙන යනු ඇත.
තම ජිවිත කාලය තුලදි යුක්තිය දිනාගැනිමට නොහැකි වුවද රත්නේ අයියා දිගටම සිය ප්‍රතිපත්තිගරුක ජිවන අභ්‍යාසය තුල අත්නොහැර සටන් කළේ කවදා හෝ යුක්තිය දිනනු ඇතැයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය.
රත්නේ අයියේ ඔබට සුබ ගමන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here