රථවාහන තදබදය වලකමු!One way යළි ස්ථාපිත කරමු!

0
407
dav

( 1.30 pm ) මීගමුව තුල වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ සාර්ථක ක්‍රියාත්මක වු Oneway රථවාහන සැලැස්ම අර්බුදයකට ගොස් තිබුනේ පෙත්සම්කාරයෙකුට එවකට සිටි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා බියවි තිබිම නිසාය.

සැබැවින්ම එය කණගාටු දායක තත්වයකි.

මීගමුව වෙළද සංගමයේ ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙක් සහ කටාන ප්‍රදේශයේ පුද්ගලයෙකු මීගමුවේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණ Oneway රථවාහන සැලැස්මට එරෙහිව මීට වමර කිහිපයකට උඩදි  පෙත්සම් පිට පෙත්සම් ගසා තිබුන බව ඒ කාලයේ නිරන්තරයෙන්ම වාර්තා කලෙමු.

ඉහල තනතුරුවලට යාමට බලාසිටි ඇතැම් පොලිස් ලොක්කන් මේ පෙත්සම්කාරයෙකුට බියවි තිබිම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි.

මීගමුව යනු බස්නාහිර පළාතේ දැනට වේගයෙන්ම දියුණු වන වෙළද නගරයයි.එය හෙටට ගැලපෙන සේ දියුණු කිරිමේදි පරණ හණමිටි අදහස් වලට ඉඩදිමෙන් සිදුවන්නේ එය ආපස්සට ගමන් කිරිමක් පමණි.
අදාල සියළු බළධාරි්න් මේ තිත්ත ඇත්ත නිවරදි ලෙසින් තේරුම් ගැනිම තුල පමණක් මීගමුව නුතන නගරයක් බවට පත්විම සිදුවනු ඇත..

මිගමුව තුල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වු one way වැඩසටහන හිටපු  පොලිස් ස්ථානාධිපති සමන්තිලක සහ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක විසින් ක්‍රියාත්මක කරන ලද අතර වෙළද සංගමය මෙන්ම මිගමු සංවර්ධන පදනමද මෙයට සිය දායකත්වය ලබා දි තිබුණි.ඒ අනුව 2015 සිට 2018 පමණ කාලයක් දක්වා මෙය සාර්ථකව ක්‍රියාත්මක විය.

එළඹෙන උත්සව සමය මේ සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නිසි කාලය බව අපගේ හැගිමයි.ඒ සඳහා මිගමු වෙළඳ සංගමයේද ප්‍රධානින්ගේද ,බහුතරයක් සමාජිකයන්ගේද නොමද සහය ලැබෙතැයි අපද විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here