රනිල්ගේ පිටුපසට එල්ල වුයේ අනුරගේ පිහි පහරක්ද?
හිට්ලර්ගේ “The Night of the Long Knives “ මෙහෙයුමට එය සමානද?
රනිල් අධිකරනය විසින් 22 දා රාත්‍රියේදී පොදු දේපලක් අවභාවිතා කිරීමේ වරදට රිමාන්ඩ් බන්ධනාගත කලේය.
නීතිය ඉදිරියේ එය එතරම් බරපතල කරුනක් නොවේ. රනිල්ට චෝදනා කල වරදට දඩුවම් ලැබීමට තව කලක් ගතවනු ඇත.
ඇතැම් විට ලබන සතියේදී මහාධිකරනය විසින් රනිල්ට ඇප ලබා දීමට ඉඩ තිබේ.
එසේ නොලැබුනද කවදා හෝ දිනක රනිල්ට සුවිශේෂී කරුනු මත ඇප ලැබීමට ඉහල සම්භාවිතාවයක් තිබේ.
නමුත් රනිල් රිමාන්ඩ් බන්ධනාගත කිරීම හරහා සුවිශේෂීවු දේශපාලන කතාවක් කරලියට එන්නේය.
ඒ අන්කිසිවක් නොව රනිල් විසින්ම නිර්මානය කල අනුර ප්‍රමුඛ අනුරගේ දේශපාලන බලවේගය එය විසින්ම රනිල්ව දේශපාලනිකව ඝාතනය කිරීමට ගත් තීරනයයි.
අනුරගේ දේශපාලන ව්‍යාපෟතිය ජයග්‍රහනය සදහා පාර කැපුවේ රනිල් බව දේශපාලනයේ උකුනකුගේ තරම්වු මොලයක් තිබෙන කෙනෙකුට තේරුම් ගැනීමට අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.
තුන්කොන් ජනාධිපති තරගයක් වු පසුගිය මැතිවරනයෙන් යම් හෙයකින් රනිල් ඉවත්වුයේ නම් අනුරගේ ජයග්‍රහනය අවධානමක තිබුනේය.
එදා පාර්ලිමේන්තුව වටලන්නට ආ ජවිපෙ ප්‍රබලයන් කෙරෙහි රනිල් දැක්වුයේ කරුනාවකි. රනිල්ගේ එම කරුනාව අරගලයේ ඉදිරිපෙල සිටි පෙරටුගාමීන් වෙත හිමිවුයේ නැත. ඔවුන් යැව්වේ බන්ධනාගාරය වෙතය.
ජනාධිපති රනිල් යටතේ පාර්ලිමේන්තු තරගයකට යන්න යයි බැසිල් කියද්දී රනිල් එය පයිසෙකට ගනන් ගත්තේ නැත.
එදා පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වුයේ නම් මාලිමාවට පාර්ලිමේන්තුව තුල ඉදිරිපෙල කන්ඩායමක් වන්නට ඉඩ තිබුන නමුදු 2/3 ක් ගන්නට තිබු සම්භාවිතාව අවමය.
අනුර ජනාධිපති තරගයෙන් ලබා ගත් චන්ද සංඛ්‍යාව දෙස බලන කල රනිල් යටත් එලෙසකට පිහිටවන්නට තිබුනු පාර්ලිමේන්තුවක් තුලින් අනුරට ලැබෙන තල්ලුව ඉතා ඉහල නොවන්නට ඉඩ තිබුනේය.
ඊට අමතරව පසුගිය ජනාධිපති වරනයේදී රනිල්ගේ සමීප සගයන් බහුතරයක් අනුරගේ ජයග්‍රහනය වෙනුවෙන් මිල මුදලින් ආධාර කරමින් කැපවී වැඩ කල බව රහසක්ද නොවේ.
ඒ අනුව මම තර්ක කරන්නේ මාලිමාව විශාල බලවේගයක් ලෙස සමාජයේ ඉදිරියට පැමින තිබුනද රනිල් නොවන්නට අනුර කෙනෙක් ජනාධිපති නොවනු ඇති බවය.
ඒ නිසා මම කියන්නේ අනුර යනු රනිල්ගේ දේශපාලන නිර්මිතයක් වන බවය.
එසේ රනිල් විසින් දේශපාලනිකව නිර්මානය කල අනුර අද රනිල්ව දේශපාලනිකව ඝාතනය කිරීමට පියවර ගෙන තිබුනේය.
එය පැහැදිලි සංවිධිත වැඩපිලිවලකි. එය මතුවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය තුල සිදුවු අභ්‍යන්තර විඝනයකිනි.
එම අභ්‍යන්තර විඝනනයෙන් මතුවන තොරතුරෙහි පවතින වරදකාරීත්වය 50ට 50 ක අනුපාතය සහිත යයි අපට තර්ක කල හැකිව තිබේ.
නිල සංචාරයක් සදහා කියුබාවට හා අමරිකාවට ගිය රනිල් අනිවාර්යයෙන්ම තම transit එක ගත යුත්තේ ලන්ඩනය හරහා හෝ ඇත පෙරදිග රටක් හරහාය.
පැය 12+ 12 ගමනාන්ත දෙකක් පසු කරන වයෝවෟද්ධ රාජ්‍ය නායකයකුට දිනක් හෝ දෙකක් තමන් පැමිනෙන ට්‍රාන්සිට් රටේ සිටීම හෝ නැවතීම වරදක්, මුදල් අවභාවිතයක් හෝ දුෂනයක් වන්නේ නැත.
නමුත් දැන් FCID ය කියන්නේ එය පලමු වරද වන බවය.
එසේ නැවතී සිටියදී තම බිරිදගේ උපාධිප්‍රධානෝත්සවයට සහභාගී විමට කිලෝ මීටර් 400 ක් ගමන් කිරීම මානුෂික තත්වයයන් යටතේ පිලිගත හැකි ව්‍යතිරේඛීය තත්වයකි.
එවැනි පුද්ගලික කාර්යක නොයෙදුනේ වුවද රනිල් transit එක තුල ඔය කියන දින දෙක හොටල් කාමරයක නැවතී සිටියේ නම් ඔය කියන වියදමම දරන්නට සිදුවන්නේය.
ජනාධිපති වරයාගේ එවැනි ගමනකට අංගාරකෂකයන් සහභාගී විම අනිවාර්ය නිල කටයුත්තකි. එම නිසා එම වියදම වරදකාරී වන්නේ නැත.
ඒ අනුව ඉතිරි වන්නේ තම බිරිද සමග අදාල උපාධිප්‍රධානෝත්සවය පැවති නගරයේ හෝටලයට ගෙවන ලද වියදම් පිලිබද ප්‍රශ්නය පමනකි.
එසේම ඔය කියන ලක්ෂ 166 තුල ලන්ඩනයේ සිට ලංකාවට යාමට දැරිය යුතු මුදල ද ඇතුලත්ව තිබිය යුතුය. එසේ නම් එය ද නිල මට්ටමේ වියදමකි. අමරිකාවට ගියා නම් නැවතත් ලංකාවට යායුතුය.
කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය මෙය දුෂිත ගනුදෙනුවක් ලෙස නම් කොට FCID යට පැමිනිලි කොට තිබේ.
එසේ නම් එම පැමිනිල්ල අනුරගේ ක්‍රියාවකි.
අනුරගේ මෙම පැමිනිල්ල සමාන වන්නේ ජේ ආර් විසින් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කිරීමට සිදු කල පැමිනිල්ලටය.
ජේ ආර් සිරිමාවෝ මැතිනිය වරදට පැටලුයේ යම් සේද මෙදා අනුර රනිල්ව වරදකට පටලවා තිබේ.
එදා අද සේම සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කිරීම පදනම් කොට ගෙන සමාජය ප්‍රීති ඝෝෂා නැගුයේය.
ඉන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වු බලපෑම ගැන සිතන්නේ වර්තමානයේ සිට ආපස්සටය.
දුෂනය ඉදිරියේ නීතියේ බලය රජ කරවිය යුතුය. ඒ පිලිබදව දෙගිඩියාවක් තබා ගත යුතු නැත.
රනිල්ට මහ බැංකු වංචාවට එරෙහිව නඩු දැම්මා නම් අනුරට ලැබෙන්නෙ මල් මිටකි.
රනිල් නව බටලන්ද කොමිසමක් ඉදිරියට ගෙන එන්නට කටයුතු කලා නම් එයද සහේතුක වන්නේය.
නමුත් මේ සිදු කලේ තම දේශපාලන ප්‍රතිවාදයකු නිස්කාරනයේ නඩු හබයකට පැටලැවීම පමනකි.
එය බාල හා අවර ඝනයේ දේශපාලනයකි.
එය සිතා මතා කරන ලද දේශපාලන පලි ගැනීමක් පමනක් බවට ඇති සාක්ෂි අපමනය. සුදා ගේ ප්‍රකාෂය මගින් එය තවදුරටත් තහවුරු වන්නේය.
දේශපාලන ලෝකය තුල තමන් ගොඩනැගු පුද්ගලයාව බලයට පැමිනි පසු විනාශ කිරීමේ චාරිත්‍රය ප්‍රකටය.
බෘටස් සීසර්ව මරා දැමුයේ එලෙසටය.
අලි බුතෝට අත්වුයේද එවැනි ඉරනමකි.
හිට්ලර් ගොඩනැගු රොහෙම් හිට්ලර් විසින්ම බිහිසුනු ලෙස මරා දැම්මේය.
හිට්ලර්ගෙ එම බිහිසුනු ක්‍රියාවලිය ඉතිහාසය තුල හදුන්වන්නේ “The Night of the Long Knives යනුවෙනි.තවත් ලෙසකින් හදුන්වන්නේ Operation Hummingbird යනුවෙනි.
අද රාත්‍රියේදී රනිල්ට අත්වුයේද ඊට සමාන ඉරනමකි.
අනුර රනිල්ට එසේ කරනු ඇතැයි රනිල් කිසිදා නොසිතන්නට ඇත.
නමුත් රනිල්ට වැරදුනේ අනුර පිටුපස සිටින ටිල්වින්ගේ දේශපාලනික භුමිකාව රනිල් විසින් අවතක්සේරු කිරීමය.
ජීවිතයේ අවසාන භාගයේදී හෝ මෙය රනිල්ට උගත යුතු පාඩමකි.
නමුත් රනිල් මේ තුලින් සදහටම දේශපාලනයෙන් සමුගනු ඇතැයි ජවිපෙය සිතන්නේ නම් එය මුලාවකි.
ශිරාල් ලක්තිලක












