රාගම බටුවත්තේදි වෙඩි තැබිමක්!

0
332

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඊයේ උදේවරුවේ කදාන ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්කකරගෙන වෙඩි තැබිමක් සිදුව තිබුන අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබුනි.තුවාල ලැබු අනෙක් පුද්ගලයා වන්නේ  ඇමති මංගල සමරවිර⁣ගේ පුද්ගලික ලේකම්වරයෙකුව සිටි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here