රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට අලුත් බලාපොරොත්තුවක් රැගෙන ආ ‘ රැකියාපොළ ‘

0
330

WhatsApp Image 2025 09 04 at 08.53.39 ff758025මිනිස් බල රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනලද ප්‍රාදේශීය රැකියාපොළ 03 වෙනිදින මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්දර කොටොටගෙන උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.

දේශීය රැකියා,විදේශීය රැකියා,ලබාදීම සඳහා වෘත්තීය පුහුණු ආයතන රැසක සහභාගිත්වයෙන් මෙම රැකියාපොළ පෙරවරු 8ට ආරම්භ කරන ලදී.මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාරයාලය,මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,යන ආයතන වලින් එක් වූ නිලධාරි නිලධාරිනියන් විසින් රැකියා අපේක්ෂිතව පැමිණි තරුණ තරුණියන් දැනුවත් කරන ලදී,මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ද නිලධාරින් සහභාගි වූහ,

මෙහිදී රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ලියාපදිංචි කිරීම සිදු කරන ලදී,රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලීක ආයතන ද එම තරුණ තරුණියන් දැනුවත් කර සුදුසු රැකියාවකක් තෝරා ගැනීමේ කාර්යය මෙහිදී සිදුවිය,

පැමිණ සිටි පිරිස අමතා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය මෙසේ පැවසීය,අද දින රැකියා වෙළඳපොලක් පවත්වන්න කියලා මිනිස් බල රැකියා දෙපාර්තමේන්තුවෙන් අපට දැනුම් දීමක් කළා,ඒ සඳහා උපදෙස් දුන්නා,අපේ කාර්යාලය ,ගම්පහ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය,එක්ව මේ අවස්ථාව සංවිධානය කළා, ග්‍රාම නිලධාරින් ක්ෂේත්‍ර නිලධාරීන්,එම රැකියා අපේක්ෂිත අය දැනුවත් කළා,

හැබැයි අපි දකින දෙයක් තමා අපේ රටේ රැකියා ඕන තරම් තියෙනවා,ලංකාවේ රැකියා අපේක්ෂිතයන් ඉන්න

WhatsApp Image 2025 09 04 at 08.53.41 e9a040a4 WhatsApp Image 2025 09 04 at 08.53.42 3dc48c93  WhatsApp Image 2025 09 04 at 08.53.40 4a0cce3d WhatsApp Image 2025 09 04 at 08.53.40 df4a368a

වා,,රැකියා තිබෙනවා,මේ දෙක එකට සම්බන්ධ නොවුණු එක තමා අද තිබෙන ප්‍රශ්නය,තවද අපි මේ ගැන සොයා බලන විට පෙනී ගියා අපි ලබපු අධ්‍යාපනය එම රැකියා සඳහා සුදුසු වෙලා නැති බව,තොරතුරු තාක්ෂණ ආයතන එක් වරක්කීවා තාක්ෂණ පුරප්පාඩු සීයක් තියෙනවා එහෙත් එක්කෙනෙක්වත් ඒ සඳහා සුදුසුකම් ලබා නැති බව,එහෙමනම් අපි ඉගෙන ගත් දේ රැකියා වෙළඳපොලේ තිබෙන රැකියා අවස්ථාවලට සුදුසුකමක් නොවීම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා,එම නිසා අපි විශේෂයෙන් ඉගෙන ගත යුත්තේ රැකියා වෙළඳපොලේ තිබෙන රැකියාවලට ගැලපෙන පරිදි සුදුසුකම් ලබා ගැනීමට බව පේනවා,ඒ සමගම උසස් පෙළ හදාරන ඔබ දැන ගත යුතු ප්‍රධාන ප්‍රශ්නයක්තියෙනවා කුමන විෂයන් ඉගෙන ගතහොත් ඔබට ඉදිරියට යාමට පුළුවන්ද කියලා,ඇතැම් අය තිබෙන රැකියාව තමන්ට නොගැලපෙන බැවින් වෙනත් රැකියාවක් අපේක්ෂාවෙන් මෙතනට පැමිණ සිටින්නට පුළුවන්,කොහොම හරි අද ඔබ මෙතනටපැමිණීම ඔබ ලබපු ජයග්‍රහණයක් වශයෙන් මම දකිනවා,කියමනක් තියෙනවා එක් පුද්ගලයකුට දවසකට සිතුවිලි හැටදහසක් පමණ පහළ වෙනවා,එහෙත් ඉන් දනාත්මක සිතුවිලි පහළ වන්නේ එකක් දෙකක් පමණක් බව,එම අදහස බලනකොට ඔබ අද මෙතනට පැමිණිලා තිබෙන්නේ එම ධනාත්මක සිතුවිල්ලක් පහළ වුණු නිසයි,මෙතන රැකියා අපේක්‍ෂිත ඔබඉන්නවා,සේවා ලාභී ආයතන තියෙනවා,මෙම ස්ථානයෙන් ඔබගේ අපේක්ෂාවන් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරනවා.

රේමන් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here