මිගමුව මංකුලිය පාලම උඩ දවසේ පැය 24 ම බිලිබාන ථෙතිහාසික තැනක්.
සමහර විට ලෝකේ තියෙන එකම පාලම වෙන්නත් පුලුවන්.
පහුගිය දවසක මෙතන බිලිබාන්න ආපු කිපදෙනෙක් එක්ක පොඩි කතා බහකට අවස්තාවක් ලැබුනා.
එතන හිටපු වැඩිදෙනෙක් බිලිබාන්න ඇවිත් තිබුනේ ඊයේ රෑ 10 ට විතර.මම ඒ අයත් එක්ක කතා බහ කරන කොට වෙලාව උදේ 9.30 ට විතර ඇති.
එදා නම් බිලිබාපු අයට දවසක් නෙමේ වගේ.එහෙමට මාලුවක් කියල යමක් අල්ලගෙන තිබුනේ නැ.
රෑ ඉදන් උදේ වෙනකම් ඉන්න ගොඩක් අය එන්නෙ මොද්දු අල්ලන්න.
සමහර දාට කිලෝ හතේ අටේ මොද්දු අල්ලගන්නත් පුලුවන් වුන දවස් තිබුනලු. මොදාට ලොකු මිලකට විකුණගන්න පුලුවන්. මොද්දු අහුවුනාම මේ බිලිබාන අය කෙලින්ම ලෙල්ලමට අරන් යනව.
මෙතන හිටපු කෙනෙක් ඇග හිරිවැටෙන කථාවකුත් කිව්ව . ලොකු මොදෙක් ඇම් කැවොත් මෙයාල ඔය පාලම දිගෙ යන වතුර බටේ උඩින් මොදා වතුරෙ ඉන්න කොටම ඇදගෙන යනවලු පාලමේ කෙලවරකට . එතකොට සපෝට් එකටත් තවත් කිපදෙනෙක් එතනට සෙට් වෙනවලු . පාලම උඩ ඉදන්ම මොදා ගන්න බැ මොකද හෙන බරයි . ඒ හින්ද තමයි මේ ක්‍රමේ භාවිතා කරන්නේ..
මෙතන බිලි බාපු හැම කෙනෙක් ඉස්සරහින් පාලමේ යට වතුරේ කෑන් එකක් පාවි පාවි තියෙනව.
එකේ ඇතුලෙ තමයි ඉස්සන්ව පණපිටින් තියාගන්නේ.ඇමට ගන්නේ පණ තියෙන ඉස්සෝ.
මේ බිලිබෑම බොහෝ දෙනෙක්ට ජිවනෝපායක් වගේම විනෝදාංශයක්.
මම එතනට ගිය දවසේ උදේ 15 කට වැඩි පිරිසක් පාලම උඩ තැන් තැන්වල බිලිබාමින් හිටියා.
මේ අය මිගමුවේ විතරක්ම නෙමේ .සමහර අය ජා ඇල වගේ පැතිවලිනුත් එනව













