රිෂාඩ් බරපතල අවදානමක ! – සිරමැදිරියේ පිරිසකටත් කොරෝනා !!

0
119
email sharing buttonRishad 2020.11.17
( 3.00 pm ) බන්ධනාගාරවල කොරෝනා වසංගත අවදානම දිනෙන් දින ඉහල යමින් පවතින බවත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රඳවා සිටින නව මැගසින් බන්ධනාගාරයේ වාට්ටුව දැඩි කොරෝනා තර්ජනයකට ලක්ව තිබෙන බවත්
බන්ධනාගාර  ආරංචි මාර්ග පවසයි.
හිටපු අමාත්‍යවරයා සමග රඳවා සිටින හය දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදු කළ අතර ඉන් පස් දෙනෙකුටම කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරුව ඇත.
ඒ අනුව එම ස්ථානයේ සිටින වැඩි පිරිසකට කොවිඩ් තර්ජනය එල්ල වී ඇති බවට සැක පළවේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අසළින්ම රඳවා සිටින රැඳවියාටත් රෝගය වැළඳී ඇත.
මේ අනුව හිටපු අමාත්‍යවරයා ද දැඩි කොවිඩ් 19 තර්ජනයකට මුහුණ දී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහලගොස් තිබේ.
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here