රු ලක්ෂ 1600 ක් අපතේ යැවු කාමච්චෝඩේ පොළ ගැන මාලිමා පාලනයත් නිහඬද?

0
81

kamachchode pola

 Kamachchi amman kovi 

මීගමුවේ සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් කියමින් මේ වන මැතිවරණ ව්‍යාපාරයේ නියැලුන නිමල් ලංසා විසින් මීගමුවේ සංවර්ධනයේ නාමයෙන් විශාල මුදලක් විනාශ කර දමා ඇති අයුරු අපි ඉතා වගකිමෙන් යුතුව මීගමුවේ ජනතාව වෙත නිරන්තරයෙන්ම ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත්තෙමු.
දශක දෙකකට ආසන්න කාලයක් පැවැති මහනගර සභා පාලනයත් රාජපක්ෂ පාලනයත් සංවර්ධන ව්‍යාපෘති ලෙසින් හදුන්වාගත්තේ සිය මඩිය නිබදව තරකර ගතහැකි දැ මිස ඇත්තටම ජනතාවට  ඇති ආදරය නිසා හෝ රටකට ගමකට ඇති ඇත්ත අවැසිතා අනුව සිදුකළ එවා නොවන බව මීගමුවේ සිදුකර ඇති සියළුම ව්‍යාපෘති විමසා බැලිමේදි ඉතාම කදිමට වැටහෙනු ඇත.
පහත පළවන්නේ එය ඉතා කදිමට පැහැදිලි කරනු ලබන තවත් එක් නිදසුනකි.
2016 වසරේ මැයි මාසයේදි මේ ප්‍රශ්ණ කිරිම බස්නාහිර පළාත් සභාව තුලදි සිදුකරන ලද්දේ  එවකට මිගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු විසිනි.

මීගමුව කාමච්චෝඩේ පොළ සංකිර්ණය  මීගමුවේ දේශපාලනයේ අර්බුදයේ හරි මැද ලකුණු කරනු ලබන සිදුවිමක් බවට පත්ව තිබුණි.
ඒ ඇමති ලංසාගේ හිතුවක්කාර වැඩ නිසා මුළු නිති පද්ධතියම අර්බුදයට යවා තිබිම නිසාය.
පොළක් පාලනය විය යුත්තේ නගර සභාවක් යටතේය. එසේ නම් ඒය සකස් විය යුත්තේ පළාත් පාලන නිතිය සුරැකෙන පරිද්දෙන්ය.
එහෙත් කාමච්චොඩේ පොළ ඉදිකරනු ලැබුවේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ එහි කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දැන් එහි සියල්ල අවුල්ය.kamachchode-pola-
නිසි ලෙසින් සැකසුන කාණු පද්ධතියක් පවා නැති මෙම ගොඩනැගිල්ලට ලංසා පාලන සමය තුලදි  අලංකරනය සදහා යැයි කියමින්  ගඩොල් බිම අතුරා තිබුනේද කිසිදු ප්‍රමිතියකින් තොරවය.
එමෙන්ම සුළු වැස්සකින් පවා පොළ සංකිර්ණයේ සිටින සියළු දෙනා තෙත බරිත විය හැක්කේ එහි කිසිදු ආවරණ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකසා නොතිබුණ නිසාය.
මේ කරුණ පිළිබදව කිසිදු විමර්ශනයකට මීගමුව නගර සභාවට කිසිදු ඉඩක් ඇමති ලංසා හෝ ඔහුගේ නිළධාරින් විසින් ලබා දි තිබුනේද නැත.
මෙය එහෙම පිටින්ම මහනගර සභාවේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වු ඇමති ලංසාගේ පමණක් වු හිතුවක්කාරි තවත් එක් ව්‍යාපෘතියක්ම විය.

අදාල වෘත්තිය පරිචයකින් තොර කොන්ත්‍රාක්කරුවන් හුදු කොමිස් මුදලේ බලය වෙනුවෙන් යෙදවිම නිසා අද මීගමුව නගරයේ තවත් ව්‍යපෘති රැසක් අර්බුදයට ගොසිනි.

මීගමුව බස් නැවතුම් පළේ උඩු මහලේ ටයිල් ගැලවෙන්නට පටන් ගෙන ඇත්තේ මේ වැරදි නිසාය.
මීගමුව මහරෝහලේ ඇතැම් ගොඩනැගිලි ඉරිතලා යාමේ තර්ජනයකට ලක්ව තිබුනේද කිසිදු වෘත්තියභාවයකින් තොරව ඇමති ලංසාගේ කොන්ත්‍රාත්කරුවෙක් කර ඇති බරපතල වැරැද්දක් නිසාවෙනි.

අප දිගින් දිගටම  විසින් මීට කලකට ඉහතදි හෙළිකරන්නට යෙදුන කාමච්චෝඩේ සතිපොළ ගැන 2016  මැයි මාසයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදි එවකට  මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින්  වඩාත් නිශ්චිත ලෙසින් මතුකර තිබුණි.
පහත පළවන්නේ එහි උපුටනයයි.

roies-v-300x300

රොයිස් විජිත ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා විසින් ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ප්‍රතිසම්පාදන,ඉංජිනේරු සේවා, නීතිය හා සාමය,පළාත් පාලන හා පළාත් පරිපාලන,ආර්තික ප්‍රවර්ධන,විදුලිබල හා බලශක්ති,පරිසර කටයුතු,ජල සම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිලිබද ඇමති තුමාගෙන් අසන ලද ප්‍රශ්නය

. මීගමුව කාමච්චෝඩෙ සති පොළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශීය මුදල් යොදා අලුතින් ගොඩනැගිලි ඉදි කිරීමට බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරය කටයුතු කල බව ඔබතුමා දන්නවද?

පිළිතුර ඔව්.

. මීගමුව කෙලින් වීදියේ සිට මුහුදු වෙරළටද, කාමච්චෝඩේ හා වැල්ලවීදිය ග්‍රාම වලටද ,
ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ලෙස වසර 150කට අධික කාලයක් භාවිතා කල මීගමුවට සුවිශේෂිත ගරු විස්තීර්නි පියතුමා සිහිවීම සදහා නමු කල විස්තීර්නි පාර සම්පූර්ණයෙන් වසා දමා එම මාර්ගය මැද නව ගොඩනැගිලි ඉදි කිරීම නීත්‍යානුකූලද?

පිළිතුර මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමක් කර නොමැති අතර මාර්ගයට අවහිරයක් නොවන ලෙස ගොඩනැගිලි සැලසුම් කර ඇති බැවින් වාහන ගමනාගමනයට එද ගොඩනැගිලි බාධාවක් නොවේ.

. මෙම ගොඩනැගිලි තවමත් භාවිතයට නොගෙන ඒ අවට පිහිටි මංමාවත් පුරා සති පොල පවත්වාගේන යනු ලබන්නේ ඇයි?

පිලිතුර දැනට ඉදි කර ඇති ගොඩනැගිලි වල වෙළද කටයුතු කරගෙන යමින් පවතින අතර පොළ භූමිය අවට මංමාවත්ද වෙළදුන් විසින් යොදා ගැනීම සිදුවේ.

. මෙම නව ගොඩනැගිලි හා මාර්ග පිලිසකර කිරීමට කොපමණ මුදලක් වැය කර තිබේද?

පිළිතුර මේ ව්‍යාපෘතිය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 159 (වැට් රහිත මුදල) ක මුදල් වැය වී ඇත.

. “කාමච්චෝඩේ සතිපොලගොඩනැගිලි හා භූමි සංවර්ධන ව්‍යාපෘතියට මීගමුව මහ නගර සභාව යොදා නොගැනීමට හේතු මොනවාද?

පිළිතුරු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කොන්ත්‍රාත් පැවරීම මත බස්නාහිර පලාතේ,පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඉදිකිරීම කර ඇත.

. යම් ඉදිකිරීමක් සදහා අදාල පළාත්පාලන ආයතනයේ අනුමැතිය නොමැතිව කටයුුතු කිරීමට යම් අමාත්‍යංශයකට හෝ පළාත් සභාවක අධිකාරයකට හැකියාවක් තිබෙනවාද?

පිළිතුරු නැත

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ගරු මහ ඇමතිතුමා, එම පාර සපරිහරණය කරනවා කියලා පිලිතුරෙන් ලැබුණා. මේ පාර පරිහරණය කරන්න බැහැ.සම්පූර්ණයෙන් පාර මැද්දේ ගහල තියෙන්නේ.

ගරු මහ ඇමතිතුමා ඒ පාර පාවිච්චි කරන්න බැහැ.දෙවෙනි එක ඔබතුමා කිව්වා, ව්‍යාපාර කටයුතු මෙහි කරනවා කියලා.පාළු අම්බලමක් වගේ තිබෙනවා.තවම මීගමුව මහ නගර සභාව ඒ වෙළද කුටි,කඩ බෙදාදෙන්න බැරි තත්වයක් තිබෙන්නේ.ඔය ඔබතුමා සපයා තිබෙන්නේ බොරු පිලිතුරු.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

ගරු මන්ත්‍රීතුමා , මට මෙහි පසුබිම් වාර්ථාවක් එවලා නැහැ.මම ඒ පිලිබදව අවධානය යොමු කරලා බලන්නම්.

ගරු රොයිස් විජිත ප්‍රනාන්දු

ඒ පිලිතුර එවපු කෙනා ගැන යම්කිසි පරීක්ෂණයක් කරන්නය කියලා ඔබතුමාගෙන්  ඉල්ලනවා.

ගරු ඉසුර දේවප්‍රිය ප්‍රධාන ඇමතිතුමා

මම බලන්නම්

ප්‍රශ්නය දැන් වඩාත් පැහැදිලිය

මහජන සම්පත්  පවුලක බූදලයක් සේ සලකා කිසිදු වැදගැම්මකට නැති ව්‍යාපෘති රැසක් ලංසා පාලන කාලය තුල මිගමු තුල අරඹන්නට යෙදුණි.මේවා නිසා ප්‍රකෝටි ගණනක මුදලක් අපතේ.ගොස් තිබේ.

මාලිමා පාලකයන්ගේ සංවර්ධන මාධ්‍ය සංදර්ශණ වලට එහා යමින් මේ මහජන මුදල් කාබසිනියා කළ සියල්ල පිලිබදව ඉතා පැහැදිලි විමර්ශණ ඇරඹිය යුතුව තිබේ.

මිගමුව භාර නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නද දැන් ෆේස් බුක් සංවර්ධන මාධ්‍ය සංදර්ශණ රැල්ලක් දියත් කරමින් සිටි.

වැඩබැරි ටාසන් මන්ත්‍රිලාද දැන් මේ මාධ්‍ය සංදර්ණ වලට එක්වෙමින් රඟන්න⁣ට පටන් ගෙනය.

මිගමුවේ තිත්ත ඇත්තට අතගසන්නට නියෝජ්‍ය ඇමති සුගත් පවා ඉතාමත් මැලිකමක් දක්වන බව ඉතා පැහැදිලිය

පසුගිය ජුනි මාසයේදි නගරාධිපති හීන්කෙන්ද ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මේ කාමච්චෝඩේ පොල බමියෙි නිරික්ෂණ චාරිකාවක එක්ව සිටියහ.

ඉන්පසු සිදුවුයේ කුමක්ද දන්නේද ඔවුන්ම පමණි..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here