රෝහල් ඇටෙන්ඩන්වරයෙකුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් ?

0
296
වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් අපචාරයට ලක්කර 06 වන මහලින් ඇද දැමූ අවස්ථාවේ ඡායාරූපයක්
වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් අපචාරයට ලක්කර 06 වන මහලින් ඇද දැමූ අවස්ථාවේ ඡායාරූපයක්

මීගමුව රෝහලේ පිරිසිඳු කිරීමේ කටයුතු සිදුකරන සුපර්සයින් පවිත්‍රතා සේවක ආයතනයේ  44 හැවිරිදි සේවිකාවකට ලිංගික බලහත්කාරකම් කිරීමක් සම්බන්ධයෙන් රෝහලේ හෘද රෝග වාට්ටුවේ  සේවය කරන ඇටෙන්ඩන්වරයෙකුට චෝදනා එල්ලවී තිබේ.

මෙම චෝදනාව සම්බන්ධ සිදුවීම සිදුවී ඇත්තේ 2025 නොවැම්බර් 22 වනදා වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සුපර්ෂයින් ආයතනය විසින් මීගමුව රෝහලේ  අධ්‍යක්ෂකවරියවද  දැනුවත්කර තිබේ. සිදුවීම සිදුවූ දිනයේ රාත්‍රී 12ට පමණ පරිපාලන ගොඩනැගිල්ලේ වැසිකිලියකට අදාළ සේවිකාව ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා විසින් ඇයව බලහත්කාරයෙන් කාමරයකට ඇදගෙන ගොස් අතවරයට ලක්කර තිබේ.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවද වාර්තා වන අතර මීට පෙරද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිමට පැමිණ සිටි මවකගේ දියණිකටද  ලිංගික බලහත්කාරකමක් සිදුකර ඇති බවද සැලය.

මෙම පුද්ගලයා පසුගිය රජය කාලයේ  ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ දේශපාලන අනුගාමියෙකු බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

මෙවැනි චෝදනා ඇති පුද්ගලයෙකු තවමත් රෝහල් කාර්ය මන්ඩලයේ සේවය කිරිම රෝහල් කළමනාකාරීත්වය සම්බන්ධයෙන්ද ගැටළුවක් මතුකරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයාද දැනුවත් කර ඇතත් මේ වනතෙක්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

මේ වනවිට මෙම සිදුවීමෙන් පසු මෙම සේවිකාව මෙම රෝහලෙන් ඉවත්වී ඇති අතර මීගමුව රෝහල කාන්තාවන්ට ආරක්ෂිතව සේවය කිරීමට නුසුදුසු ස්ථානයක් බවට පත්ව ඇති බවටද සැකයක් පවතියි. කාන්තාවන්ට ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් මීගමුව රෝහලට ඇති අතර ඒවාට හේතුලෙස වැරදිකරුවන්ට පාලන තන්ත්‍රයේ නිලධාරීන් විසින් නිසි වෙලාවට දඩුවම් ලබානොදීම බවද සදහන් කළ යුතුය. ‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here