ලංකා ඊ නිව්ස් කර්තෘ නිදහස්..

0
89

ජීවිතය බේරා ගැනීම සඳහා විදෙස් ගතවී සිට වසර 16කට පසු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා එම නඩුවෙන් සම්පූර්ණයෙන්ම මුදා හරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

සේනාධීර මහතා එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණ ද ඒ් මහතා එම නඩුවේ පාර්ශ්වයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය. ඒ් අනුව ඔහු මුදා හැරි අධිකරණය, ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කෙරිණි.

2010 වසරේ දී ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනුණු අතර ඉන් පසු පැමිණි තර්ජනය හමුවේ 2010 මාර්තු මාසයේ දී සේනාධීර මහතා විදෙස් ගත විය. ලංකාවෙන් පිට සිට ඔහු ලංකා ඊ නිව්ස් කාර්යාලය පවත්වාගෙන ගිය අතර 2011 වසරේ දී එම කර්යාලය ගිනි තබා විනාශ කෙරෙිණි. ඔහු පසුගිය මාර්තු 11 වැනිදා ලංකාවට පැමිණියේ වසර 16කට පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here