ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට

0
94

දීර්ඝ කාලයක් විදේශගතව සිට අද (11) දහවල් දිවයිනට පැමිණි ‘ලංකා ඊ නිව්ස්’ (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි. ඔහු මේ වන විට කටුනායක පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටින අතර ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවට වාර්තා වේ.

2010 වසරේදී ‘ලංකා ඊ නිව්ස්’ ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ එම ආයතනයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධීන්වලින් පසුව, තම ජීවිත ආරක්ෂාව පතා සඳරුවන් සේනාධීර මෙරටින් පිටව ගියේය. එතැන් සිට වසර 16කට ආසන්න කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් වාසය කළේය.

එසේම, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් පාලනය බලයට පත් කිරීම සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් මතවාදීව දැඩි සහයෝගයක් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය හරහා ලබා දීමට ඔහු කටයුතු කර තිබුණි.
( The Leader)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here