ලංසා පවුලේ ආශිර්වාදයෙන් දළුපත සිදුකර ඇති මේ අනවසර ඉදිකිරිම ගැන විමර්ශණයක් නැද්ද ?

0
269
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අසල ⁣ගොඩනගා ඇති මේ  නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව කරණු මතුකර තිබුණි.

පසුව ප්‍රදේශවාසීන් මේගැන ඒ දිනවල විරෝධතාවයක්ද දැක්වු  අතර ඉන්පසු මිගමු මහනගර සභාවේ තාක්ෂණ නිලධාරිණිය එකල තහනමක් ද පනවන ලදී .

එහෙත්  දැන් ඒ අනවසර ඉදිකිරිමෙ වැඩ අවසන් කර බොහෝ කල්ය.
ඒ ගෝඨා සිස්ටම් චේන්ජ් ගැන කථා කළ සමයයිි.
දැනුම් දීම්, විරෝධතා , පෙත්සම් යන මේ සියල්ලක්ම නොතකා හැර මෙම නිවසේ වැඩ අවසන් කර තිබුනේ ලංසලාගේ ආශිර්වාදයෙනි.

මෙම අනවසර නිවස හැදීම නතර කිරීමට නගරසභාවේ නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?

අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මියට අනුවද මෙය ඉතා පැහැදිලිවම බරපතල වරදකි. පැහැදැලි නීති කැඩිමකි.
ඇය එසේ කියා සිටින්නේ පළාත් පාලන රෙගුලාසිවලට අනුවය.
තතු එසේ වුවද ඇගේ නිර්දේශයන් පවා බල්ලට දමා එදා වැඩේ සිදුකර තිබුණි.

රටක නීතිය සමාන විය යුතුය.
ඒ  අනුව රජයේ නිළධාරින්ගේ නියෝගයද නොතකා කටයුතු කරන්නට නම් මේ තැනැත්තාට ලොකු දේශපාලන හයියක් තිබිය යුතුමය

මේ අදාල නිලධාරීන්ගේ නොහැකියාවද නැත්නම් මේ නිවස අයිතිකරු⁣ගේ හැකියාවදැයි එසේ නැති නම් වෙනත් හේතුවක් දැයි පැහැදිළි නැතැයි අප එදා සටහන් කලේය.
තනිකරම නිතියට පිටින් දේශපාලන හයිය මත කර ඇති මේ බරපතල ඉදිකිරිම ගැන අනිවාර්යයෙන්ම විමර්ශන ආරම්භ කළ යුතුව ඇත.

අප මේ පිලිබදව 2020 අවස්ථා කිපයකදිම මතුකර ඇත්තෙමු.

.

WhatsApp Image 2020-01-22 at 18.07.49

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here