ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

0
393

: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට 17 ක් වසරක් සැපිරෙයි.

රජයේ දූෂණ, අක්‍රමිකතා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නිර්භයව කරුණු හෙළිදරව් කළ කැපී පෙනුණු කාර්යයක නිරතව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා දේශපාලාන ලෝකය කැළඹු මාධ්‍යවේදියෙක් ලෙස ප්‍රචලිතය. ඔහු “භීෂණයට එරෙහිව පෑන මෙහෙයවූ” මාධ්‍යවේදියකු ලෙස ජාත්‍යන්තරයේ පවා ගෞරවයට පාත්‍ර විය.

2009 ජනවාරි 8 වන අත්තිඩිය ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දී ඔහුව ඝාතනය කරන ලදී.

එදා පටන් අද දක්වාම ලසන්ත ඝාතන සිද්ධිය වෙනුවෙන් යුක්තිය අපේක්ෂාවෙන් පසුවෙයි.

රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ එම ඝාතනය මාධ්‍ය නිදහසට එල්ල වූ මාරාන්තික පහරක් වූ නමුත් එම ඝාතනය ඇතුළු මාධ්‍යවේදී ඝාතනවලට එරෙහිව කතා කළ යහපාලන ආණ්ඩුවෙන්ද ඊට යුක්තිය ඉටු නොවුණි.

ලසන්ත වික්‍රමතුංග පමණක් නොව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලැයිස්තුව 44 ලෙස පවතින අතර අද දිනයේදී මෙකී සියලුම මාධ්‍යවේදීන් සිහිකරමින් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය අපේක්ෂා කිරීමද සුවිශේෂී විය.

මෙම මාධ්‍යවේදී ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවට විපක්ෂයේ සිටියදී විශාල හඬක් නැගූ දේශපාලන ප්‍රවාහය අද බලයේ සිටින අතර එදා අහිමි වූ යුක්තිය මේ මොහොතේ හෝ ඉටුවෙතැයි යන බලාපොරොත්තුව සමාජයේ සාතිශය බහුතරයකට පවතියි.

ඒ අනුව අද මෙම සැමරුමට එක්ව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිස පැවසුවේද වසර ගණනාවක් පුරා සොයමින් සිටින යුක්තිය වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයින්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින්දේ, ශපාලකයින් ඇතුළු පිරිස් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

1000343936
1000343939
1000343955
1000343944
1000343947
1000343957
1000343972
1000343938
1000343923
1000343930
1000343932
1000343958
1000343968
1000343925
1000343937
1000343945
1000343906
1000343952
1000343912
1000343916
1000343933
1000343956
1000343918
1000343900
1000343908
1000343953
1000343922
1000343920
1000343924
1000343914
1000343910
1000343950
1000343954
1000343901
1000343898
1000343887
Opera Snapshot 2026 01 07 102535 sinhala.lankanewsweb.net
facebook sharing button
twitter sharing button
pinterest sharing button
email sharing button

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here