ලෝක ජනමාධ්‍ය දිනය අදයි.

0
38

ලෝක ජනමාධ්‍ය දිනය අදට යෙදි තිබේ.

ලංකාව ලෝක ජනමාධ්‍ය දිනය සමරන්නේ එතරම් සුබදායි පරිසරයක නොවන අතරම ඉදිරියේදි පවා එය එසේම පවතිනු ඇතැයි අනුමාන කළ හැකිව තිබේ.

මිට පෙර පැවැති රජයන් සේම පුනරුද ආණ්ඩුවද ජනමාධ්‍යවේදීන් ගැන හෝ ඝාතනයට ලක්වු ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරිම යන කරුණට අදාලව කටයුතු කරන ආකාරය ගෙන බලන සාධනීය ආකරයකට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක.

කලින් පැවැති රජයන් මෙන්ම ඉතාමත් හිරිකිත ආකාරයකට ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කරන බව අවධාරණය කළ යුතුව ති⁣බේ.

පසුගිය මහ මැතිවරණයට පෙර පුනරුද ආණ්ඩුව වැඩබලන පොලිස්පති වෙත නියෝග කර තිබුනේ මාධ්‍යවේදි සිවරාම් ඝාතනය ඇතුලු සිදුවීම් 7ක් පිළිබද පරික්ෂණ කඩිනම් කරන ලෙසට නියෝග දි තිබුණි.

⁣සිවරාම් ගැන පුනරුද ආණ්ඩුව කථාකර තිබුනේ ඇයිද යන්න පැහැදිලිය.මහමැතිවරණයට දමිල ජනයාගේ ඡන්ද ලබාගැනිම අරමුණු කොට ගෙන මෙවැනි පොරොන්දුවක් දි තිබුන බව තතු දත් අය ඒ දිනවලම අනුමාන කර සිටියේය.

දැන් එය නිවරදි බව ඉතා පැහැදිලිව පෙනි යයි.යුද ම්ලේච්ඡත්වයට එරෙහිව එදා සිය මාධ්‍ය මෙහෙවර නිර්භිත ලෙස මෙහෙයවු සිවරාම්ව ඝාතනය පවා දමිල ජනයාගේ ඡන්ද සටකපට ලෙස ලබා ගැනිම සදහා භාවිතා කරන තැනට මේ ආණ්ඩුවද පත්ව තිබිම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here