වට්ස්ඇප් චැට් වලියටත් දැන් පිස්තෝල..?

0
106

 

මිගමුව සා.මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරින් දෙදෙනෙක් ඔවුන්ගේ  වට්ස්ඇප් ගෘප් එකේ සිදුකරගෙන ඇතැයි කියන විවේචනයන් දුර දිග යාම හේතුවෙන් මේ එක් අයෙක් තම පාසැල් මිතුරා සොයාගෙන පැමිණ තිබුනේ පිස්තෝලයක්ද සමගින්ය.

තම මිතුරා මිගමුව තලාදුවේ එළිසබෙත් රැජින මාවතේ සිය ලේලියගේ නිවසට පැමිණ සිටියදි මිතුරාද මෝටර් රථයකින් පැමිණ තිබුනේ වලියේ දෙවන අදියර සඳහා විය යුතුය.

මේ පසුබිම තුල වට්ස්ඇෆ් වලිය පාරට පැමිණ තිබුන අතර මිතුරා පොරබැද තිබුනේ සිය පාසැල් මිතුරාව පාලනය කරගනිමින් පිස්තෝලය උදුරා ගැනිමටය.

පසුව පොලිසිය පැමිණි මේ අයව පොලිසියට රැගෙන ගොස් උසාවියට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිදුවිම ඊයේ පෙරවරුවේ සිදුව තිබුණ අතර .අහසට වෙඩි තැබිමක්ද සිදුවු  බව ඇසින් දුටුවන් පවසන්නට යෙදුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here