සෑම වසරකම ඔක්තෝබර් 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය අද දින (07/10/2025) පෙරවරුවේදී මීගමුව, වැල්ලවීදිය තරුණ හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.


මෙම ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය සඳහාමීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ආරාධනයෙන් මීගමුව, නගරාධිපති රොබට් තීන්කෙන්ද මහතා , මීගමුව, බන්ධනාගාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා සහ මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ.වර්ණකුමාර මහතා , ඇතුළු පිරිසක් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වූහ.
මෙම උත්සවයේදී මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා උත්සව සභාව ආමන්ත්‍රනය කලහ.


මීගමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලියාපදිංචි වැඩිහිටි සමිති 26 න් සමිති 17 ක සිටින වැඩිහිටි සාමාජික සාමාජිකාවන් ගේ දක්ෂතාවයන් මෙම උත්සවයේදී ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව නර්තන සහ ගායන අංග වලින් මෙන්ම හාස්‍යජනක වැඩසටහන් කීහිපයකින් ද මෙම උත්සවය වර්ණවත් විය.
එලෙසම මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත වැඩිහිටි බල මණ්ඩලයේ අරමුදල වෙනුවෙන් පවත්වනු ලැබූ ලොතරයිපත්වල ජයග්‍රහකයන් තෝරා ගැනිමද මෙම උත්සවයට පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් සිදු වුහ.
මෙම උත්සවය සදහා වැඩිහිටි සමිති නියෝජනය කරන වැඩිහිටියන් සේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද විශාල පිරිසක්ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ.












