වැල්ලට වාහන දැමිම තහනම් යැයි පුවරු පවා සවිකර තිබියදි මිගමුව කුඩාපාඩුවේ සංචාරක කලාපයේ ටෙස්ටි බානානා නම් වු රෙස්ටුවරන්ට් එක පිටිපස වැල්ලට මේ වාහනය ඇතුල කර තිබුනේ ධිවරයන් විසින් ගේට්ටු සහ ඉබ්බන් දමා වසා තිබුන මාර්ගයේ ඉබ්බාද කඩා දමමිනි.
මේ ටෙස්ටි බනානා නම් වු ස්තානය ලංසා පවුලට අයත් එකක් බව ප්‍රකටය.
ධිවරයන් ප්‍රශ්ණ කර සිටියේ ලංසා පවුලේ කෑලැ නීතිය තවදුරටත් මේ අයට පවත්වාගෙන යාමට ඉඩ ඇති මාලිමිමේ දේශපාලකයන් කව්දැයි කියාය.
මේ පසුබිම තුල ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ගැනද දැන් කලක පටන් විවේචන එල්ලවන්නට පටන් ගෙන ඇත්තේ ලංසාල මේ රඟන්නේ මේ ඇතැම් ඇමතිලාලේද හයියද රැගෙනද යැයි අසමිනි.










