යාපනයේ කයිට්ස් පොලිස් කොට්ඨාශයේ අද අලුයම පොලිස් වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් තිබේ.
වාර්තා වන අන්දමට , පොලිස් මුරපොලක් හරහා ගමන් කළ වෑන් රථයක් පොලිසියේ අණද නොතකා නතර නොකොට ධාවනය කර තිබේ.
. ඊට ප්‍රතිචාර වශයෙන් පොලිසිය වාහනයට වෙඩි තබා ඇති අතර . තරුණ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළද , ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි වි ඇත.
. වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන බව උතුරේ මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර tamilnews1.com වෙබ් අඩවිය මෙම වෙඩි තැබිම සහ මිය තරුණයාගේ පුංචි අම්මා යාපනය රෝහලේදි කළ ප්‍රකාශය ගැන තවත් විස්තරයක් පළ කර තිබේ.
පොලිස් වෙඩි තැබිමකින් මිය ගිය පිරිමි ළමයාගේ මරණය සම්බන්ධයෙන් සිත්තියාර් (පුංචි අම්මා)මෙසේ ප්‍රකාශ කර තිබුනි
පිරිමි ළමයාට රියදුරු බලපත්‍රයක් නොතිබුණද, ඔහු වෘත්තියක් ලෙස රිය පැදවු බවත් . ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති නිසා පොලිසියට අල්ලස් ලබා දෙමින් දිගටම සිය රියදුරු රියදුරු වෘත්තීය කරගෙන ගිය බවත්ය.
මිය ගිය තරුණ රියදුරා වේලනයි ප්‍රදේශය ට ව්‍යාපෘති කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිට ඇති අතර ඔහු සතුව මුදල් නොමැති නිසා පොලිසිය ඔහුව නැවැත්වූ විට ඔහු නතර නොකොට රිය ධාවනය කර තිබේ යනුවෙන් මිය ගිය තරුණයාගේ පුංචි අම්මා පවසන්නට යෙදුණි..












