විදුහල්පතිකමටත් එහා ගිය සේවයක නිරත විදුහල්පති…

0
361
සහජාන් 2

සහජාන් කියන්නේ මිගමුවේ පාසල් සමාජය තුල ආදර්ශමත්ම විදුහල්පතිවරයා යැයි අපනම් කිසිවිටකත් ලියන්නට හෝ කියන්නට පැකිලෙන්නේ නැත.
ඒ ඔහු අපිත් සම්බන්ධ මාධ්‍ය ක්ෂේත්‍රයේද ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදියෙකු ලෙසින් කටයුතු කරමින් තිබිම නිසාම නොවේ.
විදුහල්පති ශ්‍රේණියේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සහිත විදුහල්පතිවරයෙකු වුවද ඔහු සිය සේවය ලබාදිමට තිරණය කරන්නේ දේශපාලකයන් විසින් පවා වසා දැමිය යුතු යැයි තින්දුකර තිබුන දුප්පත්ම දරුවන් සිටින පාසැලකටය.
ඒ වැලිහේනේ දෙමළ පාසැලයි.
ඒ පාසැලේ ඇතැම් දරුවන්ට දෙමව්පියන් පවා අහිමිය.
එදා වේල හම්බකරන් කන දෙමව්පියන් බහුතරයක් සිටින ඒ පාසැලේ දරුවන්ගේ පහසුකම් නගා සිටුවිම සදහා සහජාන් විදුහල්පතිවරයා සිය වසර 6 ක ඒ පාසැලේ සේවා කාලය තුල රු ලක්ෂ 50 කට අධික වටිනාමක් සහිත පහසුකම් පාසැලට ලබාදිම තිබුණි.

සහජාන් 3
සහජාන් 4


ඒ බොහොමයක් විදුහල්පතිවරයාගේ මිතුරන්ගේද දායකත්වයන්ද සමගින්ය.
ගරා වැටි තිබුන පංති කාමර, ගොඩනැගිලි එකින් එක මේ අනුව පිළිසකර කෙරුණි. පාසැලේ දරුවන්ගේ ඩෙස් පටු පවා පිළිසකර කෙරෙුනේ සිය මිතුරන්ගෙන් ලද අධාර උපකාර මතය.

තවත් දෙයක් මෙහිලා සටහන් කළ යුතුමය.

එනම් ඔහුට එරෙහිව දැවැන්ත කෙණහිලි කම් ප්‍රමාණයක් ක්ෂේත්‍රයෙ සම්බන්ධ හා , වෙනත් අය පමණක් නොව ඇතැම් කතෝලික පියතුමන්ලා පවා විසින් කරමින් තිබුන පසුබිමක ඔහු කිසිවිටකත් මේ දුප්පත් දරුවන් අතහැර ගියේ නැත.
මනසට දැනුමේ ආහාර පමණක් ලබාදිමෙන් නොනැවතුන ඔහු පසුගිය කොරෝනා වසංගත සමය තුල ඒ දරු පවුල් වලට වියලි ආහාර සහන ලබාදිමටද සිය දානපති මිතුරන් මගින් සිදුකර තිබුණි.
මෙවරද ඔහු සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබේ.

සහජාන්


ලයිට් ෆෝ ලයිෆ් පදනම හරහා සිංගප්පූරුවේ වෙසෙන මගේ පාසල් මිතුරෙකු සහ ව්‍යාපාරික සයිනුල් අබ්දීන් අපගේ පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා දෙන ලෙස මා කළ ඉල්ලීම පිළිගත්තේය. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගංවතුරෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන ගණනක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය මෑතකදී ලයිට් ෆෝ ලයිෆ් හරහා බෙදා හැරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here