මීගමුව කොටුව පිට්ටනය අසල ලෙල්ලමෙ වසර විසක් පුරා සරුවත් වෙළඳාමේ යෙදෙන ෆවාස් මහතාගේ තොරතුරු බිඳක් මීපුර පාඨකයන් වෙත දිගහැරේ
තිදරු පියෙකු වෙන ඔහු වසර 20ක් පුරා මෙම සරුවත් වෙළඳාමේ නිරතවන්නෙය. ඊට පෙර ඔහුගේ සහෝදරයකු විසින්ම මෙම ස්ථානයේ සරුවත් වෙළඳාමේ යෙදීසිටිහ. එය මොහුට භාර දුන් පසු සරුවත් විකුණන ව්‍යාපාරයේ යෙදෙන විට පලතුරු (දෙහි,දොඩම්, අන්නාසි) සහ සරුවත් ෆලුඩා සරුවත් පානය විශේෂයි. ඔහුගේ අතීතයේ මොහුගේ පියාණන් පියා 80 දශකයේ මීගමුව ශාන්ත පීතර මධ්‍ය මහා විදුහල සහ මාරිස්ට්ටලා විදුහලේද ඒකල විවේක කාලයන්හිදී අන්නාසි වෙළඳාමේ යෙදුණු සහ අනිකුත් පලතුරු වර්ග වෙළඳාමේ යෙදුනහ. සැම කෙනෙකුම හඳුනන කවුරුත් එකල ඔහු හඳුන්වන්නේ පැණි මුරුසියා ලෙසයි. මීගමුව ලෙල්ලම ප්‍රදේශයේදී විදේශිකයක්ද මොහු ගෙන් සරුවත් පානය කර පිපාසය සංසිදවාගනී. ලබන අවස්ථාවේ අධික මිලක් දීමට සිසිල් පැන් සැලකට ගොස් පානය කරනවා වෙනුවට සරුවත් වීදුරක් ඉතාම සුළු මුදලකට, මෙවනි සිසිල් පැන් වීදුරවක් සියලු දෙනාටම පානය කිරීමත් තමා මේ රැකියාවේ යෙදීමෙන් ජීවිකාව ගෙනියන අතර පවුලේ සහ සමාජයටත් යම්කිසි උදව්වක් කිරිමෙන් ඔහුගේ ජීවිකාව ගෙනියන තැනැත්තක් වීමයි.
එස්.එම්.එස්.මුනිර්












