විදේශ සංචාරකයොත් ආප්ප කන පොල්හේනේ බෙලිගල්ලේ නැන්දා ගේ ආප්ප කඩේ…

0
182

( ආදරණීය සටහනක් 💜️)

පොල්හේනේ බෙලිගල්ලේ නැන්දා අවුරුදු 25 විතර ඉදලා මාතර පොල්හේනේ පාරේ ආප්ප කඩයක් පවත්වාගෙන යනවා….ඇගේ ආප්ප කඩෙන් පොල්හේනේ ගම්වාසීන් මෙන්ම ලංකාවේ අසිරිය බලන්න පොල්හේනට එන ලෝකේ වටේ ඉන්න නොයෙක් ජාතීන්ට අයත් සංචාරක යින්ද ආප්පා කනවා…

දේශීය අපේ කෑම රසය ඇයගෙන් ලෝකේ වටේ ප්‍රචලිත වෙනවා….ඇය මේ ආප්ප කඩයට පෙර කළේ අපේ දේශිය රස කැවිලි නිෂ්පාදනය …ඉස්සර ඇය මගුල් ගෙවල් දානේ ගෙවල් වලට අවශ්‍ය දොදොල් කැවුම් වැනි දෑ හදනවා…

දැන් ඇය කැවිලි ජාති හදන්නේ සිංහල අවුරුදු සමයට ලැබෙන ඇනවුම් වලට විතරයි …ඇය රස කැවිලි වෙළෙඳාම මගින් හම්බකර ගත් මුදල් වලින් වෙනම නව ගොඩනැගිල්ලක් ඉදිකර ව්‍යාපාරික ආයතනයකට කුලියට දුන්නා…

ඇගේ සැමියා වඩු කාර්මිකයෙක් ….ඇය ගේ උපන් ගමවූයේ බෙලිඅත්තේ හාල්පන්දෙනියේ…ඇය විවාහ වූයේ පොල්හේනේ තරුණයෙක් සමග ඉන්පසු ඇය පොල්හේනේ පදිංචයට එනවා..

.පොල්හේනේ ගමේ අය ඇයට ආමන්ත්‍රණය කරන්න වුනේ හාල්පන්දෙණියට ආසන්න ගම වූ බෙලිගල්ලේ ගමේ නමින්…මාතර වහර අනුව ඇය බෙලිගල්ලේ එක්කෙනා ..බෙලිගල්ලේ නැන්දා..බෙලිගල්ලේ අක්කා වෙනවා…ඇයට දියණියන් දෙදෙනකු හා පුතෙක් ඉන්නවා දියණිය න් දෙදෙනා විවාහකයි …ඇගේ සැමියා දැන් මෙලොව හැර ගිහින්…

අවුරුද්දේ වැඩිදවසක් වැඩි වේලාවක් ආප්ප චාච්චි ළග ඔලුව පහත් කරම් ආප්ප පුච්චලාම දැන් ඇගේ හිස පොලොවටම බර වෙලා…

ඈ ආප්ප හදන්නේ තමාම කොටාගත් හාල්පිටිවලින්…ඇගේ ආප්ප පාන් පිටි කවලම් නැති සිංහල හාලේ රස නිසා කා අතරත් ඉතා ජනප්‍රියත්වයට පත් වෙලා…
බෙලිගල්ලේ නැන්දම්මට නීරෝගී සුව ලැබේවා ….

(මාතර අභිමානය ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here