අද පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී විශේෂ පොලිස් බලකාය විසින් ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වී එම දේහය ඔහුගේ නිවස වෙත ගෙන එන තෙක් මේ වන විට ගම්වාසීන් එක්රැස්ව ඔහුගේ නිවස අවට සිටින බව වාර්තා වෙයි. ඒ අතර පොලිස් හා හමුදා ආරක්ෂාව තර කර ඇති බවත් ප්‍රෙද්ශයේ ජනතාව පවසති. ප්‍රෙද්ශවාසියෙකු පැවසූවේ ඇන්ටනී මහතාගේ දේහය ගෙනෙන තෙක් ගම්වාසීන් අවට බලාසිටින බවයි. එමෙන්ම ඔවුන්ගේ තත්ත්වය සාමකාමී බවද වාර්තා වෙයි. මේ වන විට මිට ගිය ඇන්ටනී මහතාගේ බිරිද ජොර්දාන් රටේ සේවයේ නිරතව සිටියි.









![_MG_3916 [HDTV (1080)] MG 3916 HDTV 1080](http://www.meepura.com/v3/wp-content/uploads/2012/02/MG_3916-HDTV-1080-300x200.jpg)
 MG 3920 HDTV 10802](http://www.meepura.com/v3/wp-content/uploads/2012/02/MG_3920-HDTV-10802-300x200.jpg)
![_MG_3879 [HDTV (1080)] MG 3879 HDTV 1080](http://www.meepura.com/v3/wp-content/uploads/2012/02/MG_3879-HDTV-1080-300x200.jpg)


