වෙනස්ම රසයක් සමඟින් රැන්කා මොන්ගෝලියන් කොත්තු දැන් ඔබ වෙතට

0
627

 

WhatsApp Image 2025 07 14 at 15.30.21 a1ff04af

කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටි අය දක්වාම ගොඩක් දෙනෙක් කන්න ඉතාම කැමති දෙයක් තමයි කොත්තු රොටි කියලා කියන්නේ. හැබැයි ඉතින් අපි එහෙම ආසාවෙන් කන හුගාක් කොත්තු රොටි වල බොහෝ විට තියෙන්නේ ඒකාකාරී රසයක් ඉතින් එහෙම ඒකාකාරී රසයකට කොත්තු රොටී කාලා හුරු පුරුදු අයට වෙනස්ම විදිහක රසයක් සමගින් මේ මෑතකදී රැන්කා ෆුඩ් හවුස් අවන්හල ඔබ වෙත හඳුන්වා දුන් රැන්කා මොන්ගෝලීන් කොත්තු ගැන කියන්නයි අද අපි මෙි සූදානම් වෙන්නේ.
අපි බෝහෝ විට ආසාවෙන් කන කොත්තු රොටී පිළියෙල කරද්දී ඒ සදහා භාවිතා කරන එළවළු, බිත්තර, මස් , සහ මාළු වගේ දේවල් මිශ්‍ර කරන්නේ බොහෝ විට මාළු කරී සමඟ හෝ කුකුල් මස් කරී වැනි කරියක් එක්ක. නමුත් මොන්ගෝලියන් කොත්තු රොටී පිළියෙල කරන විටදී මස් හෝ මාළු කරි වෙනුවට භාවිතා කරන්නේ සෝස් වර්ගයක්. ඒ නිසාම මොන්ගෝලියන් කොත්තු වල රසය , අපි සාමාන්‍යයෙන් මෙතෙක් රස බලලා තියෙන කොත්තු රොටි වල අර සුපුරුදු ඒකාකාරී රසයට වඩා ගොඩක් වෙනස්. ඉතින් අන්න ඒ නිසයි අපි මුලින්ම කිව්වේ ඒකාකාරී රසයකින් කොත්තු රොටි රස විඳපු අයට රැන්කා මොන්ගෝලයන් කොත්තු කියලා කියන්නේ වෙනස්ම විදිහක අමුතුම රසයක් කියලා.
ඉතින් රැන්කා ෆුඩ්ස් වෙතින් හඳුන්වා දෙන මේ අලුත්ම මොන්ගෝලියන් කොත්තු රොටී කුකුල් මස් ( චිකන් ) සමග හෝ එහෙම නැත්නම් මාළු ( සී ෆුඩ්ස් ) යොදා හෝ ඔබේ සිතැඟි අනුව ඔබේ කැමැත්ත අනුව පිළියෙල කර ගන්න පුළුවන්. ඉතින් කොත්තු රොටි වල සැබෑම රසයක් අත්විඳින්න කැමති සැමටම රැන්කා මොන්ගෝලියන් කොත්තු රොටි වල රස බලන්න පැමිණෙන්න කියලා ආරාධනය කර සිටිනවා.

දන්නවනේ ඉතින් කාලෙන් කාලෙට අලුත් අලුත් රසයන් සමඟ ප්‍රණීත ආහාර පාන හඳුන්වා දෙන පවුලේ අවන්හලක් තමයි රැන්කා ෆුඩ්ස් හවුස් කියලා කියන්නේ. ඒවගේම රැන්කා ෆුඩ්ස් හවුස් අවන්හලේ සියළු ආහාර පාන සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසුදුව පිළියෙල කරන අතරම ඒ ආහාර පාන පිළියෙල කරන්න යොදාගන්න මස් මාළු එළවළු පලතුරු වැනි අමුද්‍රව්‍ය වගේම කුළු බඩු වර්ග ද උසස්ම තත්වයේ ඒවා බව බොහෝ දෙනකු හොඳින් දන්නා කරුණක්. ඒ වගේම කෘත්‍රිම රසකාරක වගේ දේවල් යොදා ගන්නේ නැතුව උසස් කුළු බඩු වැනි අමුද්‍රව්‍ය යොදාගැනීම නිසාම තමයි රැන්කා ෆුඩ් හවුස් අවන්හලේ ආහාරපාන හුඟක් රසට සහ සෞඛ්‍යාරක්ෂිතව තියෙන්නේ. ඒක නිසයි දශක ගණනාවක් තිස්සේ විශාල පාරිභෝගික ජනතාවක් රැන්කා ෆුඩ්ස් අවන්හල වටා එක්රොක් වී සිටින්නේ. ඉතින් රැන්කා මොන්ගෝලියන් කොත්තු රොටී ඇතුළු ඕනෑම ආහාර පාන වර්ගයක් ඇනවුම්කර පිටතට රැගෙන යාමේ පහසුකම් ( Take away ) ද රැන්කා ෆුඩ් හවුස් අවන්හලෙන් සපයලා තියෙනවා.

ඉතින් අපි නැවතත් ඔබට ආරාධනය කර සිටිනවා කොත්තු රොටී රසට සැබවින්ම ආස කරන ඔබ සැමටම පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟින් රැන්කා ෆුඩ් හවුස් අවන්හලට පැමිණිලා , ඔවුන් අලුතින්ම හඳුන්වා දෙන මේ අලුත්ම රුන්කා මොන්ගෝලියන් කොත්තු රෝටිවල රස පහස විඳගන්නට පැමිණෙන්න කියලා.

ඉතින් විවිධ විවිධ වූ රස සොයනා රසවතුන්ට රැන්කා මොන්ගෝලයන් කොත්තු නවමු සහ රසවත් අත්දැකීමක් ලබා දෙනු නිසැකයි.ranka

රැන්කා ෆුඩ් හවුස්
( RANKA FOOD HOUSE )
18 කනුව හංදිය
කටුනායක.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here