වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?

0
126

වෙන්නප්පුව තඹරවිල පාරේ මාල කැඩීම
******************************
ඊයේ දිනයේ සිදුවී ඇති මේ සිදුවීම අද දවස පුරාම සමාජ මාධ්‍ය කලඹන පුවතක් වූ අතර එක් නිර්භීත තරුනයකුගේ ක්ෂනික ක්‍රියාත්මක වීමකින් මාල කඩන්නා කොටු කරගෙන පොලීසියට භාරදී ඇත.

නමුත් මේ සිදුවීමේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවූ විශේෂ කරුනක් පිලිබඳව අපි දැඩි අවධානයක් යොමු කල යුතු වෙමු.
එනම් ඔබ නැවතත් එම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කරන්න.මාල කඩන්නා විසින් මුලින්ම එම මාලය කඩා ගැනීමට තැත් කරන්නේ අදාල තරුනිය යතුරු පැදිය ධාවනය කරමින් සිටියදීමයි.ඒ අවස්ථාවේදී ඇය පාර මැදට ඇද වැටෙන විට ඇය හෙල්මට් පැලඳ නොසිටියේ නම් ඇගේ හිස පාරේ ගැටී ,ඇගේ ජීවිතයට බරපතල අනතුරක් සිදුවීමට ඉඩ තිබුනි.
එහෙයින් පොලීසිය විසින් මාලය කඩා ගැනීමේ චෝදනාවට අමතරව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවටද මෙම සැකකරු ලක් කල යුතු බව මගේ විශ්වාසයයි.

(ලෙස්ලි ලෝව්ගේ ⁣ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here