වෙරි මතින් ගම්වැසියන්ට පහර දිමට ගිය දකුණේ චිවරධාරියාට ඇප ?

0
346
165121299 1600356406840274 1666270961834582505 n

බිමතින් ගම්වාසින්ට පහර දිමට ගිය ගිංතොටත තුන්මහල් විහාරයේ සිටි වීරකැටියේ සංජය නමැති චීවරධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියැවුණුද පසුව ඔහුට එරෙහිව පැමිණිල්ලක් නැතැයි කියමින් ඇප දි ඇතැයි වාර්ථා වේ.

119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ බව rata.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි
මෙම තැනැත්තා භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ද රැකියාවක නිරතවන අතර ගම්වාසීන් පවසන්නේ විහාරස්ථානයේ සිටිය ද භික්ෂුවක් ලෙස සැළකීමට නොහැකි බව යැයැදි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් ගැමියන්ට පහර දීමට තැත්කරන අවස්ථාවේ ද ගාල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු එම ස්ථානයේ රැඳී සිටියහ. පොලිසිය පවසන්නේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බැවින් පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවයි.

අත්අඩංගුවට ගත් ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඇති අතර එම වාර්තාවෙන් ද තහවුරු වී ඇත්තේ එම අවස්ථාව වනවිට ද බීමත්ව සිටින බවයි.
මුලාශ්‍රය – rara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here