වේලන කරවලත් එක්ක අසරණ වුණ මිගමුවේ මිනිස්සු …

0
423
කරවල 5

මීගමුවේ කරවල නිෂ්පාදනයේ යෙදෙන ජනයා මේ දිනවල දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.එක් පැත්තකින් දිගින් දිගටම වැසි වැසිම හේතුවෙන් කරවල වේලාගැනිමට නොහැකිවිමය.මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියට අදහස් පළ කුට්ටිදුවේ නිරෝෂන් කියා සිටියේ බොහෝ දෙනෙකුට මේ වන විටත් වේලිමට දමා තිබුන කරවල අව්ව නැතිකම සම දිගින් දිගටම පවතින වැසිතත්වය හේතුවෙන් පාඩු විඳගෙන විසිකර දැමිමට සිදුව ඇති බවය.

එපමණක් නොව දැනමත් වේලාගෙන ඇති අලෙවියට සුදුසු කරවල පවා මේ දිනවල විකුණාගැනිමට කිසිදු ඉඩක් නොමැති ව තිබේ.කඩ සහ පොලවල් පවා වසා දාමිම නිසා තමන්ගේ කරවල තොග රැගෙන යාමට එන අය මේ දිනවල නොපැමිණෙන බවද පැවසේ.අලෙවිකරගැනිමට නොහැකිව සතියකට වඩා පමාවෙද්දි ඒ කරවල අවපැහැගැන්වෙන අතර ඉන් පසු කිසිසේත්ම අලෙවිකර ගැනිමද අපහසු වන බව කරවල නිෂ්පාදනයේ යෙදි සිටින ජනතාව පවසා සිටිති.

එබැවින් රජය මැදිහත්වි හෝ යම් වැඩපිලිවෙලක් සකසන්නේ නම් එය පහසුවක් විය හැකි වුවද තවමත් එවැනි කිසිදු සුදානමක් ගැන අඩුම තරමින් වාර්තා වන්නේවත් නැතැයි කියා සිටිති.

කරවල 10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here