ශ්‍රමඅභිමානි කේන්ද්‍රයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන

0
262

WhatsApp Image 2026 04 04 at 10.16.46 AM

 

මාර්තු මස 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලැබූ විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගියදා කටුනායක, ශ්‍රමාභිමාණී කේන්ද්‍රයේදී පවත්වන ලදී.
වෙළඳ කලාප හෙවත් ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන කාන්තාවන් සංවිධානය වී, ඔවුන් සතු හැකියාවන් හා දක්ෂතාවයන් තුලින් ආරම්භ කර ඇති විවිධ වු ස්වයං රැකියා හා ස්වයං ව්‍යාපාර හඳුන්වාදීමේ විශේෂිත වැඩසටහනක් ලෙස ද මෙය පවත්වනු ලැබීය. ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ විවිධ වූ රැකියා තුල නිරතවන කාන්තාවන් ,එම රැකියා කටයුතුවලට අමතරව මැහුම් ගෙතුම්, සහ ආහාර පාන නිෂ්පාදනය වැනි , සිය නිෂ්පාදන එළිදැක්වීම මෙම කාන්තා දින සැමරුම් වැඩසටහනට සමගාමීව සිදු වු අතර මෙදින ශ්‍රමාභිමානි කේන්ද්‍රයේ පරිශ්‍රය තුළ එම වෙළද කුටි 10 ක් පමන ස්ථාපිත කර තිබිණි. එම වෙළද කුටි අතර කාන්තා ඇඟලුම් නිෂ්පාදන , විවිධ වූ ආහාර පාන, එළවළු පැල පලතුරු පැල සහ විසිතුරු මල් පැළ වර්ග, නිවාස අලංකරණයට යොදා ගැනෙන විසිතුරු නිෂ්පාදන ඇතුළු එම කාන්තාවන් විසින් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කල ස්වයං නිෂ්පාදනයන් රැසක් මෙම වෙළෙඳකුටි තුළ අලෙවියට තබා තිබූ ආකාරය දැකගත හැකි විය.

එලෙසම මෙම ශ්‍රමාභිභානී කේන්ද්‍රය හරහා සංවිධානය වූ කාන්තාවන් විසින් නිෂ්පාදනය කරන ලද කාන්ත ඇඳුම් පැළඳුම් නිෂ්පාදනයන් සඳහා
” සමාභී ” නමින් විශේෂ වෙළඳ සන්නාමය හඳුන්වාදීම සහ එම නිෂ්පාදන අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමටත් අලෙවි කටයුතු සිදුකරගෙන යාමට සහ එම නිෂ්පාදන බෙදාහැරීම සඳහා විශේෂිත වෙබ් අඩවිය හඳුන්වාදීමද මෙහිදී සිදුවිය.එලෙසම
” සමාභී” කාන්තා ඇඳුම් පැළඳුම් එළිදැක්වීම සඳහා විශේෂිත වෙළඳ කුටියක් ද මෙම වැඩසටහන් පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබිණි.

මෙම කාන්තා දින වැඩසටහන සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය සහ සාමය හා සංහිඳියා ආයතනයේ සභාපති විජිත් රෝහාන් මහතා සහභාගි වූහ.
එම ප්‍රධාන ආරාධිත අමුත්තන් දෙපොල සහ ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ගරු ක්‍රීස්ටීන් කන්‍යා සොයුරිය ඇතුළු තවත් ආරාධිතයන් කිහිපදෙනෙකුම මෙම වැඩසටහනේ දෙසුම් පැවැත්වූහ.
එලෙසම මෙම වැඩසටහනේදී ශ්‍රමාභිමානී කේන්ද්‍රය ආරම්භ කරමින් සහ එම කේන්ද්‍රය පවත්වාගෙන යමින් එම කේන්ද්‍රය තුලින් කාන්තාවන් වෙනුවෙන් සිදුකරන සේවාව වෙනුවෙන් ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ගරු ක්‍රීස්ටීන් කන්‍යා සොයුරියට විශේෂිත උපහාර පිදීමක් ද මෙහිදී සිදු වුහ.

ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම විශේෂිත කාන්තා වැඩසටහන මෙහෙයවීම , එම සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂක නීතිඥ ඉසුරි රොද්‍රිගූ මෙනවිය ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර තවද වෙනත් කාන්තා සහ සමාජ සංවිධාන නියෝජනය කරමින් ආරාධිතයින් පිරිසක්ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ.

WhatsApp Image 2026 04 04 at 10.17.20 AM WhatsApp Image 2026 04 04 at 10.16.48 AM 1 WhatsApp Image 2026 04 04 at 10.16.48 AM WhatsApp Image 2026 04 04 at 10.16.47 AM 1

WhatsApp Image 2026 04 04 at 10.16.46 AM 1 WhatsApp Image 2026 04 04 at 10.16.45 AM WhatsApp Image 2026 04 04 at 10.16.47 AM 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here