ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුවෙන් මාධ්‍ය හමුවක්

0
343

මාර්ගගත සුරක්ෂණ පනත, ඩිජිටල් ක්ෂේත්‍රයට 18% ක බදු අයකිරීම හා තොරතුරු දැනගැනීමේ පනතට සභාපතිවරයෙක් පත් නොකර අක්‍රිය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව විසින් අද (28) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

මාර්ගගත සුරක්ෂණ පනත මාධ්‍යවේදීන්ට මෙන්ම සිය වෘත්තීය කටයුතු ද නිදහසේ කරගෙනයාමට බාධා පමුණුවා ඇති බව මෙහිදී ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුවේ නිශ්ශංක මායාදුන්න මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ ආණ්ඩුව ගෙනාපු පනත් නිසා අපිට ගොඩක් බලපානවා. මගේ අයිතිවාසිකම් රාශියක් මේ වෙද්දී කඩ වෙලා තියෙනවා. youtube facebook පාවිච්චි කරන අය මේ පනත තුලින් හිර කරන්න පුළුවන්. මේ පනතට අනුව ඕනෑම ආයතන ප්‍රධානී අත්අඩංගුවට ගන්න පුළුවන්. පොලිසිය දූෂිත නිලධාරීන් තමයි මේ පනත් ක්‍රියාත්මක කරන්නේ. මේ පනත නිසා මාවත් අඩංගුවට ගත්තා මේ පනත් නිසා ඉදිරියට වෙන දේවල් කියන්න බෑ. තමන් වරදක් කරලා ඒ වරද වහගන්නත් මේ පනත් භාවිතා කරනවා. සමාජ මාධ්‍යකරුවාන් ආණ්ඩුවෙන් යැපෙන අය නොවේ අපි ඩොලර් ලංකාවට ගේන අය. අපි බලාපොරොත්තු උනා online විදේශ රැකියා ලබා දෙන්න නමුත් මේ පනත ඒව ලබාදෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති වෙන්නේ නෑ කියලා මුලින්ම ලිව්වේ මම ඒකට මාව අත්අඩංගු ගන්න හැදුවා. යුක්තිය මෙහෙයුමෙන් විශාල පිරිසක් බොරුවට අත්අඩංගුවට අරන් තියෙනවා. මේ පනත් නිසා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ගෙදර යන්න වෙනවා.”

ලංකාවේ පළමු වෘත්තීය Youtube සංවිධානය වන සිය සංවිධානයේ වසරක් පිරීම නිමිත්තෙන් මේ මාධ්‍ය හමුව කැඳවූ බවද එහිදී නිශ්ශංක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here