කටාන අක්කර පනහ ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන් ගිය අජිත් බණ්ඩාර නැමැත්තා ඒ ප්‍රදේශයේ තරුණයන් හට ෂූඩොල් නම් වු කරල් අලෙවි කිරිමේ ජාවාරම නිරතව සිටියදි මීගමුව පොලිස් අධිකාරි කාර්යලය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගත කළේය.ඇප පිට නිදහස්ව පැමිණ ඇති මේ තැනැත්තා දැන් මීගමුවේ දෙහිමල්වත්ත ප්‍රදේශයෙන් නිවසක් මිළට ගෙන කටාන හැරදා පැමිණ ඇත.
මේ ජාවාරම්කරුට එරෙහිව ඔහුගේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබු උද්ෙඝා්ෂණයකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විෙශ්ෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ මින් මතු කටානේ මෙවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඉඩක් නැති බවය.














