සංචාරක පොලිසිය සොයාගත නොහැකිව, මංමුලාවන මීගමුවේ සංචාරකයන් ?

0
286

 

මීගමුව, සංචාරක කලාපය තුළ ස්ථාපිත එනම්, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි මීගමුව සංචාරක පොලිස් ස්ථානය සොයාගත නොහැකිව, මේ දිනවල, විදේස් සංචාරකයන් මංමුලා වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ සංචාරක පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති , සංචාරක පොලිස් ස්ථානයේ නාම පුවරුවේ “සංචාරක පොලිස් ස්ථානය” යනුවෙන් සඳහන් නාමයන් මැකී යාමයි. දැනට කාලයක සිට මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර මේ වන විට එම නාමපූරුවේ දිස් වන්නේ සුදු පාට පසුබිමක් පමණි. එහි කිසිදු අක්ෂරයක් පියවි ඇසට නොපෙනේ. එම නාම පුවරුව යථා තත්ත්වයට පත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම ද ඉතා කණගාටුවට කරුණකි.
මෙරට ආකර්ශනීය සහ ප්‍රකට සංචාරක ගමනාන්තයක් මෙන්ම සංචාරක පුරවරයක් ලෙස නම් දරා ඇති මීගමුව සංචාරක පුරවරයට පැමිණෙන දහස් සංඛ්‍යාත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ඇති එකම පොලිස් ස්ථානය වන්නේ, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක පොලිස් ස්ථානයයි.

WhatsApp Image 2026 02 13 at 7.57.16 AM
ඒ අනුව සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවකදී ,ඒ පිළිබඳව පැමිණිලි කිරීමට සංචාරකයන් හට ඇති එකම ස්ථානය වන්නේද මෙම සංචාරක පොලිස් ස්ථානයයි. එසේ හෙයින් මෙම පොලිස් ස්ථානය, මෙම සංචාරක කලාපයට සහ මෙහි පැමිණෙන සංචාරකයන්ටද ඉතා වැදගත් වන හා ප්‍රමුඛ වන ආරක්ෂාව සම්බන්ධව පියවර ගන්නා ස්ථානයයි.එසේ හෙයින් මෙම පොලිස් ස්ථානය හරි හැටි සොහා ගත නොහැකිව මේ දිනවල බොහෝ සංචාරකයන්, දැඩි අපහසුතාවයකට පත්වන ආකාරය දැකගත හැකි ය.
එහෙයින්, මීගමුවේ බලධාරීන් ද, රජයේ වගකිවයුත්තන්ද, වගකිවයුතු පොලිසියේ ඉහළ නිලධාරීන්ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර , මීගමුව සංචාරක පොලිස් ස්ථානයේ නාම පුවරුව ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

WhatsApp Image 2026 02 13 at 7.55.18 AM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here