සමනලිගේ හෘද සාක්ෂිය සහ රටේ අද යථාර්ථය …..

0
41

සමනලි කියන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් හැමදාමත් ප්‍රතිපත්තිගරුකව කටයුතු කරපු කලාකාරිණියක්. මේ හුගදෙනෙක්ට ගල්කිස්සේ ඝාතනය ලොකු කම්පනයක් ඇති කරල තිබුණා.

කොහොම උනත් දැන් මේක රටේ යාථාර්ථයක් වෙලා. පෝය දෙකෙන් ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න බෑ කියල බංකු අරන් එන අයට ටියුෂන් දෙන්න බලන් හිටපු විශ්‍රාමික ‌හමුදා ලොක්කත් තේරුම් අරන් ඇති.‌‌දැන් එයාට වැටිල  තියෙන නම ”බංකු බංකු ”

පොලිසි ඇතුලේ බන්ධනාගාර ඇතුලේ වෙන ඝාතනත් දැන් පාරවල් ගානේ සිද්ධ වෙන තත්වයකට යන්න වැඩි කල් යන ඒකක් නෑ වගේ …

මාලිමාව බලයට ගෙන්න වැඩකරපු නොකරපු හැමෝටම වගකිමක් තියෙනවා මේකට මැදිහත් වෙන්න .

සමනලි ෆොන්සේකාගේ ෆේස්බුක් පිටුවේ මේ පහත තියෙන සටහන ෂෙයාර් කරල තිබුණ.

“ජීවිතය මොන තරම් නොවටිනා ගාණකට වැටිලා ද කියලා හිතාගන්න බෑ. පාරෙ ගියත්, පොලිසියට ගියත්, කැම්පස් එකට ගියත් මරණවා. යුක්තිය පසිඳලන අධිකරණයට ගියත් මැරුම් කන්න වෙනවා!
ඇඹිලිපිටියෙ අසංක ඉඳුනිල් කියන අවුරුදු 46ක මේ මනුස්සය උසාවියට යන්නෙ කාටද ඇප බඳින්න. උසාවියෙදි හදිසියෙ ෆෝන් එක රිංග් වෙලා කියලා තමා දැනගන්න තියන්නෙ. මේ කාලෙ මිනිස්සු මොන තරම් පීඩාවන් සහ අර්බුද අස්සෙද ඉන්නෙ. මොන තරම් අමතකවීම් වෙනව ද?
උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට අසංකව දවස් 14කට බන්ධනාගාරගත කිරීම නිසා ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යවනවා. එහිදී තවමත් නොදන්නා සිදුවීමක් නිසා ඔහු මරණයට පත් වෙනවා. අධිකරණ වෛද්ය වාර්තාව කියන්නෙ, මොට ආයුදයකින් හිසට සහ පපුවට පහර දීම නිසා අභ්යන්තර ලේ වහනයකින් මෙයා මැරිලා තියන්නෙ කියලා.
මේ කිසිම වරදක් නැතුව, තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න මනුස්සයෙක්ට එක ක්ෂණයකින් ජීවිතය නැති වුණ විදිහක්!
ඇත්තටම මොකක්ද මේ රට?
ෆෝන් එක කියන එක මහ බක්කක් වෙලා තිබුණ කාලෙ ඉවරයි. අපට මතකයි ඉස්සර ගුවන්විදුලි, රූපවාහිනී ස්ටුඩියෝ අස්සට යද්දි ෆෝන් එක තියලා යන්න ඕන. පාර්ලිමේන්තුවේ පවා ෆෝන් ඇතුළට ගෙනිච්චෙ නෑ මුල්කාලෙ. දැන් තත්වය එහෙම නෙවෙයි. ශරීරයේ කොටසක් වගෙ වෙලා තියන්නෙ මේ ඩිවයිස්.
ෆෝන් එක රිංග් වුණ එක, දවස් 14කට හිරේ යවන්න හේතුවක් ද? අධිකරණයට තියන ගරුත්වය ගැන විවාදයක් නෑ. ඒත් දවස් 14ක්?
ඒ මනුස්සයගෙ පවුල ජීවත් වෙන්නෙ කොහොම ඒ දවස් ටිකේ? එතකොට ගමක ජීවත් වෙද්දි සිද්ද වෙන අවමානය? ඒ වගෙ ම මේ වෙලා තියන දේ? කවුද එතකොට මේකෙ වගකීම ගන්නෙ?
පිරිලා ඉතිරිලා තියන බන්ධනාගාර තදබදය.. අපායවල් වගේ.. ඒවා අස්සෙ තියන අමුතු සංස්කෘතිය.. මිනිස් ජීවිත තුට්ටු දෙකට දාන සංස්කෘතිය. ෆෝන් එකක් රිංග් වුණා කියලා දවස් 14ක් හිරේ තපින්න වෙන මිනිහෙක්ගෙ මානසිකත්වය?
අධිකරණයට අපේ ගරුත්වයෙ වෙනසක් නෑ. ඒත් මේක අවුල්. ඕන නම් ඉතින් මේකත් අධිකරණයට අපහාසයක් කියලා දවස් 14ක් ඇතුළට දාන්න පුළුවන්. මටත් පයින් ඇවිදන් ගිහින් පෙට්ටියක එන්න පුළුවන්.
ඒත් මේක හරි විදිහ නෙවෙයි කියන එක කියන්න ඕන!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here