ගරු සමන්ත තුෂාර පියතුමාගේ සහ උන්වහන්සේගේ සිසු සිසුවියන්ගේ මූර්ති සහ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය සහ අලෙවි මධ්‍යස්ථානයක් ඊයේ (2025.06.02) මීගමුව, ඒත්තූකාලේ Jetwing Blue හෝටල් පරිශ්‍රමයේදී විවෘත කරන ලදී.
විශේෂ අමුත්තන් පිරිසක් මෙන්ම උන්වහන්සේගේ නිර්මාණ රස විදින රසික රසිකාවියන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


ගම්පහ ජාතික ජන බලවේගයේ ලසිත භාෂිත තරුණ මන්ත්‍රීවරයාද දහසක් වැඩ කටයුතු මැද්දේ වුවද මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම අගය කළ යුතුය.
ඔහු සමග කළ කෙටි සංවාදයේදී මගේ අදහස වූයේ මූර්ති සහ චිත්‍ර කලාව තරුණ තරුණියන් අතර ජනප්‍රිය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම වැඩි වශයෙන් මෙම ක්ෂේත්‍රයේ සඳහා තරුණ තරුණියන් සහභාගි කරවා ගැනීමට ජාතික තරුණ සේවා සභාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ගරු සමන්ත තුෂාර පියතුමා සමග එක්ව වැඩ කළ යුතු බවය.
මෙම අලෙවි සැල විවෘත කිරීමට පැමිණ සිටි විදේශ සංචාරකයන්ගේ අදහස වූයේ සමන්ත තුෂාර පියතුමා තමන්ගේ නිර්මාණකරණයේදී මූර්ති සහ චිත්‍ර කලාවේ තිඹිරිගෙය වූ ඉතාලියේ ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබෙන බවය.
සමන්ත තුෂාර පියතුමා මට මුලින්ම හමුවන්නේ උන්වහන්සේ කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ මීසම් සේවක පියතුමා ලෙස කටයුතු කරන සමයේදී දැනට වසර 15 පමන පෙරය.
එම කාලයේදී උන්වහන්සේ කැපුන්ගොඩ ජනතාව එකතු කරගෙන පාස්කු නාට්‍යයක් නිෂ්පාදනය කළහ. මෙම පාස්කු නාට්‍යයේ යක්ෂයාගේ චරිතය වේදිකාවට ගෙන ඒමේදී සුවිශේෂී නැටුමක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ කටයුතු කළ අතර ඒ සඳහා උන්වහන්සේ සහය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ නැටුම් ශිල්පිනියක් වන රැජිණි චෙල්වනායගම් මහත්මියගේ සහයෝගයයි. ඇය වැනි නර්තන ශිල්පිණියකගේ සහයෝගය පාස්කු නාට්‍යයක් සඳහා ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නොවේ.
එහෙත් සමන්ත පියතුමාට පාස්කු නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබුණි. සම්ප්‍රදාය වඩා හොඳින් දන්නා නිසා උන්වහන්සේට සම්ප්‍රදාය තුළ යම් නිර්මාණශීලී වෙනස්කම් කරන්නට අවශ්‍යතාවය තිබුණි.
මේ වනවිට ඔහු විසින් පවත්වාගෙන යනු ලබන මූර්ති සහ චිත්‍ර පුහුණු කිරීමේ වැඩමුළු සඳහාද තමා බටහිර සංස්කෘතියෙන් ඉගෙන ගත්තා වූ එම සම්ප්‍රදායන් නිසි ලෙස පවත්වාගෙන යන අතර විප්ලවීය වෙනස්කම් කිරීමට කිසිවිටක මැලි වන්නේ නැත. පසුගියදා පැවැති උන්වහන්සේගේ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය ‘අසම්මතය’ ලෙස නම් කරන ලද්දේද ඒ නිසාම විය යුතුය.
සමන්ත තුෂාර පියතුමාගේ සුවිශේෂත්වය එයයි.
ආරංචි රාළ
2025.06.03.












