සමන්මලි අක්කේ ඔබට සුබ ගමන්..

0
1455

දැන් වෙළද කලාපේ කම්කරුවන් වෙනුවෙන් වැඩකරන්න යහමින් සම්පත් එහෙමත් තියෙන සංවිධාන ගොන්නක් තියෙනව.
හැබැයි ඒ කාලේ එහෙම සංවිධාන එහෙමට කියල තිබුනෙත් නැ තිබුන ඒවටත් මිළ මුදල් හා වෙනත් සම්පත් තිබුනෙත් නැ.

නිදහස් වෙළද කලාපේ කම්කරු ස්ත්‍රීන් වෙනුවෙන් බිහිවුන මුල්ම පුවත්පත තමයි ඩාබිඳු.

කුමුනි රෝසා ,සිස්ටර් විවියන් සමන්මලි අක්කා,එයාගේ මහත්තයා සෝමේ අයියමේකට දායකවුන අය

ඩාබිදු ඒ කාලේ A4 සයිස් එකට මුද්‍රණය වුන පොඩි පත්තරයක් හැටියට තමයි තිබුනේ

අපිත් ටික කාලයක් මේකට දායකත්වය දුන්නා.හැබැයි එ කාලය තීරාණාත්මක කාලයක්.වුනා

මැණිකේ කියල කම්කරු සහේදරියක් ජීවිතය කියල කවි පංතියක් ලිව්වා ඩාබිඳු පත්තරේ මේක පළකෙරුවා.

කොහොම හරි පාලකයෝ මැනිකෙව රස්සාවෙන් දොට්ට දැම්මා.

අපි මේකට සටන් කළ යුතුයි කියල තින්දු කළා.
ඩාබිදු වලට සම්බන්ධ සමහර ප්‍රධානින් ඒ ගැන ලොකු උනන්දුවක් නොතිබුනත් අපි ගම වටේ ගිහින් පෙත්සම අත්සන් කලා විරෝධතා පවත්තල මේ සටහන නඩත්තු කළා.

මැණිකෙව මිගමුවේ ජනාවබෝධ කේන්ද්‍රයට කැන්දන් ඇවිත් එයාට ටයිපින් පුරුදු කරන්න පටන් ගත්තා.

එයා ඩාබිඳු ඊලඟ කලාපෙටත් කවියක් ලිව්වා.ඇයව නැවත රැකියාවට ගන්න කියන අරගලය අපි දිගටම කරගෙන ගියා.

මාස දෙකකට විතර පස්සේ මැණිකෙට හිඟ පඩිත් එක්කම රස්සාව ලැබුනා.

ඒ කාලේ මේ වගේ පොඩි පත්තරයක් කරන එකත් යුද්දයක්.අකුරු අමුණලා, පොටෝ දානව නම් ඒවල බ්ලොක් කපල මේ වගේ වැඩ ගොඩක් තිබුන.සෝමේ අයියත් එක්ක යතුරු පැදියේ මේ වැඩ හැම එකකටම ගියෙ සමන්මලි අක්කා.මේ සේරම කට්ට කාලත් පත්තරේ අච්චුගහල බෙදෙන එකත් මාරම ගේමක්.ඒ කාලේ නිදහස් වෙළඳ කලාපේ කියන්නේ අඩුම තරමේ අත්පත්‍රිකාවක්වත් බෙදන්න පොලිසිය ඉඩ දුන්නේ නැති කාලයක්.ඉතින් කම්කරු පත්තරයක් සේවක සේවිකාවන් අතරට යවනව කියන එකත් ලොකු අභියෝගයක්.

ඒ විතරක් නෙමෙයි එදා භීෂණ කාලේ සමන්මලි අක්කල සෝමේ අයියල එක්ක එකට හිටපු කණ්ඩායම කටුනායක කම්කරු නීති උපදෙස් මධ්‍යස්ථානය කියල තැනක් පවත්වගෙන ගියා.චන්ද්‍රා දේවනාරයන සහෝදරියත් කාලයක් එකේ වැඩ කළා.එතන හිටපු ලයනල් කියන නීති උපදේශක සහෝදරයයිවි රංජිත් කියල නිදහස් වෙළඳ කලාපේ සේවය කරපු දෙන්නවම රද්දොළුවේ හංදියේදි පුච්චල මරල දාල තිබුන.

රංජිත් , අපේ ජයන්ති දංදෙණිය සහෝදරියගේ සහකරුවා. ඒ හරියට මීට වසර 35 ට කලින් ඔක්තෝබර් 27 දවසක.

රද්දොළුවේ මංසන්දියේදි හැම ඔක්තෝබර් 27 දවසකම මේ සිදුවිස බ්‍රිටෝල එකතු වෙලා සමරනවා.

සමන්මලි අක්කා  කියන්නේ මේ සේරම අරගලත් එක්ක අපිත් එක්ක එකට හිටපු චරිතයක්.

භීෂණේ කියල අරගලය අතනොහැරපු එඩිතර කාන්තාවක්.

අද කාලේ වගේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි සිටින අයට තියෙන පහසුකම් වරප්‍රසාද මුකුත්ම නොතිබුන කාලෙක සමන්මලි අක්කල අත්නොහැර ඒ අරගලයට එයාලගේ දායකත්වය දුන්නා.

රෝගි වෙලා ඉන්න කාලෙකත් ඇයව අපට හමුවුන වෙලාවක  කිව්වේ දැන් මේ සංවිධාන වලට තියෙන සම්පත් මුකුත්ම නැති කාලෙක කොච්චර නම් අමාරුවෙන්ද ⁣අපි ඒ කාලේ වැඩ කලේ කියල.

සමන්මලි අක්කේ ඔබට සුබ ගමන්

මීපුර අපි

 

දේහය 2025.11.13 මධ්‍යහන 12.00 සිට ජා-ඇළ වෙස්ටර්න් මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර,  අවසන් කටයුතු 2025.11.15 සෙනසුරාදා සවස 2.30ට කුඩහකපොල ආදාහනාගාරයේ පැවැත්වේ…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here