සමාජ ශාලාවක් වෙනුවෙන් නීතියටත් වෙට්ටු දාපු නගරාධිපතිවරයෙක්!

0
470
club
රාත්‍රි සමාජ ශාලාවක් වෙනුවෙන් කොන්ක්‍රිට් දමා තවත් පහසුකම් ලබා දි තිබෙන අයුරු

මීගමු මහනගර සභාවට අයත් බිම් කැබැල්ලක් බද්දට යැයි කියා ලබාගත් ව්‍යාපාරිකයෙකු දැන් එහි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර රාත්‍රි සමාජ ශාලාවක් පවත්වාගෙන යනු ලබයි.

මෙම ඉඩම 2007 හිටපු නගරාධිපති නිමල් ලංසා විසින් මෙම ව්‍යාපාරිකයාට බද්දට ලබා දි තිබුණි.

සමාජ ශාලාවක් හිමි නගර සභාවක්

නීතියට අනුව නම් මේ සමාජ ශාලාවේ අයිතිය ඇත්තේ මීගමුව මහනගර සභාව වෙතය.මේ සමාජ ශාලාවට යාබදව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකි.

කලකට ඉහතදි මේ ඉඩම බද්දට ගෙන එහි කඩහදා ලොකු ගාණක් හම්බකර ගැනිමට ලංසා පවුල හා ඒ අයට සම්බන්ධ තවත් දේශපාලකයන් එදා කටයුතු කර තිබුණි.raily-shops-4raily-shops-7

railyway-shops-2දයාන් ලංසා නගරාධිපති විමත් සමගින් අනවසර ඉදිකිරිම් කඩනවා යැයි කියමින් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා   මේ දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමේ ඉදිකර තිබුණ කඩවලින් කොටසක් කඩා දමන ලදි.

අප මේ මාධ්‍ය සංදර්ශන කඩකැඩිල්ල එදාම හෙළිකර සිටියේ මේ කඩවලින් කොටසක් කඩා ඉවත් කරන්නේ රාත්‍රි සමාජ ශාලාව පාරට පෙනෙන ලෙස පෙනුමක් ලබාදිමටත් එමෙන්ම එම රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන වාහන වලට රථ ගාලක පහසුකම් සපයා දිම වෙනුවෙනුත් බවය.

එය එලෙසින්ම විය.

පවුලක් විසින් සිය ගතමනාව තකා කොයිතරම් නම් නීති නවා ඇත්ද?

දැන් ඇත්තේ පුනරුද පාලනයකි.මේ ආකාරයෙන් නීති කැඩු සැමට තරාතිරම නොබලා කටයුතු කිරිමේ වගකිම දැන් පුනරුය සතුය.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here