ඊයේ දිනයට සාපෙක්ෂව මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් නිවෙස්වල සතිය පුරා පාරිභෝජනය සඳහා මසුන් මිළදි ගැනිමට පැමිණෙන්නේ සෙනසුරාදා දිනයේ වුවද ඊයේ මාළු තොග එතරම් පැමිණ තිබුනේ නැති නිසා මිළද පැවතියේ ඉහල මට්ටමකය.
අද ඉරිදා ,තත්වය තරමක් වෙනස් වි ඇත.අද වැඩිපුරම ඇත්තේ සාලයන්ය.මිළද ඊයේට සාපෙක්ෂව අඩුය.
ඊයේ රු 350ක් වු සාලයා අද රු 250ත් රු 300ත් අතර මිළක පවති.
ලින්නා කිලෝවක අද මිළ රු 500ත් 600ත් අතර පවති.
බලයා අද රු 900කි.
ලේන් පරව් රු 700කි.කුම්බලාව කිලෝවක් රු 650කි.
කෙලවල්ලා රු 1400ක් තරම් ඉහල ගොස් ඇත.












