අදත් ඊයෙටත් වඩා මාළු තොග තරමක් දුරට මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිල්ලා.
වැඩිපුරම ඇවිත් තිබුනේ ලින්නෝ
අද සාලයා මිළ ටිකක් ඉහල ගිහින්.පහුගිය දවස්වල රු 500ට තිබුන සාලයා අද රු 600ක් වෙලා.
පහුගිය දවස් වල රු 1000ක් වෙච්ච ලින්නා මාළු දැන් රු 700වෙනකම් අඩුවෙලා.
බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් රු 800යි.
හබරලි රු 900යි .
කරට්ටයෝ මිළ නම් බැහැල අද රු 200යි .කලින් තිබුනේ රු 300ට.












