සෙත්තප්පාඩුව ග්‍රාමයේදී අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ඉදිකිරීමේ කටයුතු පසුගිය 29 වැනි (29/05/2025) දින මීගමුව භාර , නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
වර්තමාන, ජාතික ජන බලවේග රජය විසින් මේ වසරේ එනම් 2025 වසරේ සිට ක්‍රියාත්මක වන “සැමට නිවහනක්” ව්‍යාපෘතිය යටතේ නිවාස අමාත්‍යාංශය හරහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් අඩු ආදයම්ලාභී , පවුල් වෙත ස්ථීර නිවාස ලබා දීමට මෙලෙස විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් ඉඩමක් හිමි එහෙත් ස්ථිර නිවසක් නොමැති,අඩු අදායම්ලාභි තෝරා ගත් පවුල් වෙත රුපියල් මිලියනයක ආධාර මුදලක් ප්‍රදානය කිරීම සිදුවේ . ස්ථිර නිවසක් ඉදිකිරීම සඳහා මෙලෙස ප්‍රදානය කරන රුපියල් මිලියනයක් වන මෙම අධාර මුදල අදියර 05 ක් යටතේ ලබාදීමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙලෙස ඉඩම් හිමි එහෙත් ස්ථීර නිවාස නොමැති පවුල් සඳහා නිවාස 230 ක් ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මීගමුව කොට්ඨාශය තුළ නිවාස 17ක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර මීගමුව කොට්ඨාශය තුළ මේ වන විටත් නිවාස 02 ක් ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව 03 වැනි නිවස ලෙස සෙත්තප්පාඩුව වසමේ නිලංකා ඈන් ශ්‍රීමාලි මහත්මිය ඇතුළු එම පවුල සඳහා නිවස ඉදිකිරීමේ මුල් ගල් තැබීමේ උත්සවය පසුගිය 29 වෙනිදා පැවැත්විණි.
එම උත්සවය සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපතිනි කාංචනා සමරකෝන් , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ , ගම්පහ දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර , සෙත්තප්පාඩුව ග්‍රාම නිලධාරී වාසනා ශ්‍රීමාලි , සංවර්ධන නිලධාරී දිල්කා දිල්රුක්ෂි, තාක්ෂණ සහකාර නිලධාරිනි මධුෂානි විජේසිංහ යන මහත්ම මහත්මාවීන් ද මෙම උත්සවය සඳහා ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
එලෙසම මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මාවීන් පිරිසක් සහ ප්‍රදේශවාසින් රැසක්ද මෙම මුල්ගල තැබීමේ උත්සවය සඳහා සහභාගී වුහ..