සිව් මහල් ගොඩනැගිල්ල පිලිබද ගැටලු රැසක් ? නගරාධිති විශේෂ විමර්ශණයකට සුදානම් ?

0
1524

 

 

මීගමුව නගර මධ්‍යයේ ලාෆ් සුපරි වෙළඳ සැල අසල දැනට ඉදිකෙරෙමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ල පිළිබඳව දැන් කලක පටන් මීගමු නගරයේ පුරවැසියන් අතර දැඩි කතාබහක් මතුව තිබේ.

මීගමුව මහා නගර සභාවේ නිසි අවසරයකින් සහ අනුමැතියකින් තොරව මෙම සිව් මහල් ගොඩනැගිල්ල නීති විරෝධී ලෙස ඉදිකරමින් පවතින බවට දැන් කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබුණි.

පසුගිය දිනෙක නගරාධිපති රොබට් හීන්කෙන්ද ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මීගමුව නගරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී ද මෙම ගොඩනැගිල්ල පිළිබඳව දැඩි නිරීක්ෂණයට ලක් විය.

එම නිරීක්ෂණ චාරිකාවේදී ද අනාවරණය වූයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අනිවාර්යෙන්ම තිබිය යුතු රථ වාහන නවතා තැබීමේ ඉඩකඩ මෙම ගොඩනැගිල්ල, ඉදිකිරීමේදී කිසිදු සැලකිල්ලකට ලක් කොට නොමැති බවය.

මේ පිළිබඳව අප මීගමුව නාගරික කොමසාරිස් තුමියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ ,මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වන සැලසුම අනුමත කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් බවත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී නිත්‍යානුකූල ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, එම ගැටලු පිළිබඳව මේ දිනවල නගරාධිපතිවරයා විසින් යම් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත්ය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කළ ඇය ප්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ලට අනුමැතිය ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති ආකාරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් දක්නට ලැබෙන බවය.

නගරාධිපතිවරයා විසින් ඉතාමත්ම නුදුරු දිනකදී මේ ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව අදාළ වගකිව යුතු නිලධාරීන් සහ ආයතන අතර සාකච්ඡාවක්ද කැඳවිමට නියමිතව ඇතැයිද ,ඒ අනුව මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය යටතේ මහා නගර සභාව විසින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවය.

img 20241130 wa00377067764462878170717

මිට පෙර සිටි කොමසාරිස්වරිය මෙම අනිතික ගොඩනැගිල්ල පිලිබදව ඉතා දැඩි ප්‍රතිපත්තියක සිටි බවද, ඊටත් පෙර සිටි ලක්ෂ්මන් නැමැති අන්ත දුෂිත කොමසාරිස්වරයා මේ බොහෝ අනිතික ක්‍රියාවලට උල්පන්දම් දි ඇි බවත් තතු දන්⁣නා බොහෝ දෙනා කියා සිටිති.එපමණක් නොව ඒ ලක්ෂමන් නැමැති කොමසාරිස්වරයාට මේ සිව්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු සමඟින් ඉතාමත් කිට්ටු සම්බන්ධයක් තිබුණ බවද මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත් නගරාධිපති හීන්කෙන්ද මේ සම්බන්ධයෙන් මන්දගාමි ලෙසින් ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක මේ වන විට එහි හිමිකරු තට්ටු හතරකම වැඩකටයුතු කරගෙන යමින් සිටි.

කෙසේ වෙතත් පුනරුද පාලනයේ නිතිගරුක බව මිගමුවට ඔප්පු කළහැකි ලිට්මස් පරික්ෂාව බවට මේ සිව්මහල් ගොඩනැගිල්ල දැන්  පත්ව ඇති සැටියකි.

නීතියට ඉහලින් කිසිවක් නැතැයි කියන පුනරුද පාලනය මිගමුවේදි දැනටමත් නීතිය නමන්නට ඉඩදි ඇතිද යන ප්‍රශ්ණයක් ඉතාමත් වලංගු එකක් බවට දැන් පත්ව ඇත..

හීන්කෙන්ද පාලනයේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවනු නොඅනුමාන යැයි මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුර කළ විමසුමකදි කියා සිටියේය.එපමණක් නොව නගර සභා දේපලකට ඉහලින් පුද්ගලික වහලයක් හදාගැනිමට හීන්කෙන්ද පාලනය විසින් නොකර සද්ද , ඉඩ ලබා දි තිබිමද තවත් සැකයට භාජනය වි ඇති කරුණක් බවද එකි දේශපාලකයා අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here