සීතල දුර රටකින් සේනානායක සමුද්‍රය සොයා ආ දුර්ලභ අමුත්තා

0
10

සීතල දුර රටකින් සේනානායක සමුද්‍රය සොයා ආ දුර්ලභ අමුත්තා – නිල්ගල් තිරාසිකයා Blue Rock Thrush (Monticola solitarius)
මෑතකාලීනව අපේ පක්ෂි ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගත්තු අපූරු සංක්‍රමණික අමුත්තෙක් මේ දිනවල ඉඟිනියාගල සේනානායක සමුද්‍රය වේල්ල සහ දැවැන්ත ගල් වැටි ආශ්‍රිතව නිතර දැකගන්න ලැබෙනවා. ඒ තමයි Blue Rock Thrush (Monticola solitarius) එහෙමත් නැත්නම් නිල්ගල් තිරාසිකයා.
මේ පක්ෂියාගේ පිරිමි සතා ඉතාමත් කැපී පෙනෙන තද නිල්-අළු (Blue-grey) පැහැයකින් යුක්තයි. විශේෂයෙන්ම සූර්යාලෝකය වැටෙනකොට ඒ නිල් පැහැය ඉතාම ලස්සනට දිදුලනවා. ගැහැණු සතා දුඹුරු සහ අළු පැහැති වන අතර, උදරය ආශ්‍රිතව කොරල වැනි රටාවන් (Scaling pattern) දැකගත හැකියි.මේ ලක්ෂණ වලින් අපට මේ පක්ෂියා හඳුනාගැනීම පහසුයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශීත කාලයට (Winter migrant). උතුරු අප්‍රිකාව, යුරෝපය සහ ආසියාවේ මධ්‍යම ප්‍රදේශ වල සිට මේ පක්ෂීන් ශීත සෘතුව ගත කිරීම සඳහා දකුණු ආසියාව දෙසට සංක්‍රමණය වෙනවා. ලංකාවේ මේ පක්ෂියා ඉතාමත් “දුර්ලභ සංක්‍රමණිකයෙකු” (Rare winter visitor) ලෙසයි සලකනු ලබන්නේ. මීට පෙර විවිධ වර්ෂවලදී (උදාහරණ ලෙස 1900 මුල් භාගයේ සහ පසුව 80-90 දශක වලදීත්) සීගිරිය, දඹුල්ල, අවුකන වැනි ඓතිහාසික සහ පාෂාණ බහුල වියළි කලාපීය ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.නමුත් මෑතකාලීන පක්ෂි නිරීක්ෂණ දත්ත වලට අනුව (විශේෂයෙන්ම 2015න් පසුව), ලංකාවේ වියළි කලාපයේ හුදකලා කඳු, ගල් පර්වත සහ විශාල ජලාශවල වැටි ආශ්‍රිතව මොවුන් නිත්‍ය ලෙසම වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා

FB IMG 1775499106566 FB IMG 1775499109284 FB IMG 1775499112574 FB IMG 1775499115304 FB IMG 1775499118850 FB IMG 1775499122214
ඉංග්‍රීසි නමේ “Rock” කියන වචනය මෙන්ම මොවුන් ජීවත් වෙන්න වඩාත්ම ප්‍රිය කරන්නේ ගල් පර්වත, ගල් කොරි, කඳු බෑවුම් සහ විශාල කොන්ක්‍රීට් හෝ ගල් බැමි සහිත ප්‍රදේශ වලයි. සේනානායක සමුද්‍රයේ වේල්ල කියන්නේ උන්ට නියම පාරාදීසයක්.
මොවුන් ඉතාමත් හුදකලා පක්ෂීන් විශේෂයක් (Solitary birds). තනි තනිව තමයි බහුලවම දකින්න ලැබෙන්නේ.
වේල්ලේ ගල් කුළක් උඩට හෝ කොන්ක්‍රීට් කණුවක් උඩට වෙලා අවට නිරීක්ෂණය කරමින් සිට එකවරම පහළට පියඹා ගොස් ගොදුරු ඩැහැගැනීම මුන්ගේ සිරිතයි. වලිගය නිතරම ඉහළ පහළ නැටවීම (Tail bobbing) මුන් ළඟ දකින විශේෂ ලක්ෂණයක්.
නිල්ගල් තිරාසිකයා ප්‍රධාන වශයෙන්ම කෘමී භක්ෂක පක්ෂියෙක් නිසා ගල් වැටි අතර සිටින පළඟැටියන්, කුරුමිණියන්, මකුළුවන් සහ කුහුඹුවන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නවා.
සමහර අවස්ථාවලදී කුඩා හූනන් වැනි සර්ප , උරග විශේෂ සහ කටුස්සන් පවා දඩයම් කිරීමට මොවුන් සමත්. මීට අමතරව වාරයට ලැබෙන කුඩා වල් පලතුරු වර්ගත් ආහාරයට ගන්නවා.
ලංකාවට එන්නේ ශීත කාලය ගත කරන්න විතරක් නිසා මොවුන් ලංකාවේදී බිත්තර දමා පැටවුන් බෝ කරන්නේ නැහැ.
මොවුන්ගේ බෝවීමේ කාලය යෙදෙන්නේ මැයි සිට ජූලි දක්වා කාලයේදී තමන්ගේ ස්වදේශීය රටවලදීයි (යුරෝපය සහ මධ්‍යම ආසියාවේ).ගල් කුහර හෝ ගොඩනැගිලි වල සිදුරු වල තමයි මොවුන් කූඩු තැනීම සිදුකරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here