සුද්දියො එක්කත් මැරතන් දුවපු අපේ ආච්චිලා…

0
172
sdr

 

ඊයේත් අදත් මිගමුවේ සංචාරක කලාපේ අවුරුදු උත්සවය.සූර්ය මංගල්‍යය 2025 කියල තමයි මිගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ  සංගමය ඒක නම් කරල තිබුනේ.
මේක⁣ට සමගාමිව ඊයේ රෑ කි.මි. හතාමාරක් දුර මැරතන් එකකුත් සංවිධානය කරල තිබුනේ ගම්පහ මළල ක්‍රිඩා සංගමය .
ඒක නම් සුපිරි .හරිම වර්ණවත්.ලොකු උන් පොඩි උන්,වයසක අය ඒ විතරක් නෙමෙයි සුද්දියොත් හිටිය

IMG 20250511 080246
sdr

මේ මැරතන් එක දුවන්නම කියල නුවර ඉදන් අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි ඇවිත් හිටියා.දන්නවද එයාලගේ වයස .අක්කට 78යි.නංගිට 74යි.

පුදුම ⁣⁣ධෛර්යක්.ඒ වගේම 70ට වැඩියි කියල හිතන්න පුලුවන් පිරිමි තරඟ කරුවෝ දෙන්නෙකුත් හිටියා.IMG 20250511 080323 01

සුදු ජාතික කාන්තාවන් දෙන්නෙකුත් මේ මැරතන් එකට සෙට් වෙලා උන්න.මේ එක්කෙනෙක් නෙදර්ලන්ත ජාතික තරුණියක් එයා නෙදර්ලන්තෙදි මැරතන් වලට සහභාගි වෙච්ච කෙනෙක්.පැය තුනකටත් වැඩිය ඒ මැරතන් වලදි දුවපු කෙනෙක්.අනික් සුදු ජාතික තරුණිය රුසියාවේ.වැඩේ කියන්නේ එයාට මැරතන් එක දුවන්න සුදුසු සපත්තු ඒ වෙලා⁣වේ අරන් එන්න අමතක වෙලා.
හැබැයි එයා වැඩේ අතහැරියේ නැ.දාගෙන ඇවිත් තිබුන සෙරප්පු දෙක දාගෙන දිව්වා.

රෙස් එක ඉවර කරපු ආච්ච්ලටයි සුද්දියන්ටයි තෑගිත් හම්බ වුනා.

ඊයේ රෑ නම් හරිම සුන්දර එකක්
මැරතන් එකම සුපිරි වැඩක්.හොදට සංවිධානය කරල තිබුන.
ගම්පහ මළල ක්‍රිඩා සංගමයේ සභාපති සංගීත් මේ මැරතන් වැඩේ ගැන මාධ්‍ය වලට කිව්වේ මේ වගේ කතාවක්.

මේක ඇත්තටම දුර්ලබ අවස්තාවක්.සංචාරක කර්මාන්තය නගා සිටුවිමත්, ආධුනික ක්‍රිඩකයන්ට අතහිත දිමත් යන දෙකම මේ වැඩේ තුලින් සිද්ද වෙනව

https://youtu.be/WQyITQQLWAk?si=BY2aCFyRhxf-s1TS

ඇත්ත ලොකු ගැම්මක් මිගමුවටත් ,සංචාරක පුරවරයටත්,මැරතන් වලට ආදරය කරන අයටත් දුන්න සුපිරිම තෑග්ගක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here