නැගෙනහිර ටිමෝරයේ නීති සම්පාදකයින් ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් දීමනා ලබා දීමේ සැලසුම් අහෝසි කිරීමට එකඟ වී ඇති බව බදාදා ප්‍රකාශ කළේ සඳුදා සිට සැලසුම්වලට එරෙහිව විරෝධතා පැවැත්වූ දහස් සංඛ්‍යාත සිසුන්ගේ පීඩනයට හිස නමමින් බව රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණි.
ටිමෝර්-ලෙස්ටේ ලෙස පොදුවේ හැඳින්වෙන නැගෙනහිර ටිමෝරයේ ජනගහනය මිලියන 1.3 ක් වන අතර කටාර්ට වඩා තරමක් විශාල දූපතක ජීවත් වේ. එය අග්නිදිග ආසියාවේ දුප්පත්ම රටවලින් එකක් වන අතර තෙල් හා ගෑස් සංචිත මත රඳා පවතී.
නැගෙනහිර ටිමෝරයේ ඩිලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිසුන් 2,000 කට පිරිස ඊයේ වන විට තුන්වන දිනටත් විරෝධතා දැක්වූ අතර, නීති සම්පාදකයින් සඳහා ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් දීමනා ලබා දීමේ සැලසුම් රජය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියහ.





නැගෙනහිර ටිමෝර පාර්ලිමේන්තුවේ පක්ෂ පැවසුවේ ඔවුන් සිසුන් සමඟ ඇති කරගත් එකඟතාවක් ලෙස සැලැස්ම අහෝසි කරන බවයි.
නීති සම්පාදකයින් මීට පෙර තමන්ටම මෝටර් රථ 65 ක් මිලදී ගැනීමේ සැලසුම් කර තිබිමද මෙම විරෝධතා හේතුවෙන් අතහැර දමා ඇතැයි ඩිලි නුවර සිටින තරුණ ශිෂ්‍ය ක්‍රියාකාරිහු අප හට කියා සිටියහ.
පෘතුගීසි යටත්විජිතයක් පැවැති නැ.ටිමොරය 1975 නොවැ 28 වන දින නිදහස ලැබුවද එම වසරේම දෙසැම්බර් 07 වනදා ඉන්දුනිසියාව විසින් බලහත්කාරයෙන් එරටට ඈදාගෙන තිබුණි.1999 තෙක් පැවැති ඉන්දුනිසියානු පාලනය 1999 පැවැති ජනමත විමසුමෙන් පසුව අවසන් විය.












