ධීවරය ප්‍රජාවේ සංස්කෘතිය එයාලටම ආවේනික එකක්.ලංකාවේ ප්‍රධාන ධිවර කලාපයක් වගේ අතිබහුතර කතෝලික ප්‍රජාවක් ඉන්න නගරයක් හැටියට මීගමුව තවත් විශේෂයි.
ගොවියට වැවයි දාගබැයි ගමයි පන්සලයි වගේ, ධීවරයට මහ මුදයි,කලපුවයි පල්ලියයි තමයි
මුලිකම බැදිම.
ධිවරයා කියන්නේ අතමිට සරු කාලේ නම් හොදට කාපු
බීපු ඇදපු පිරිසක්.
ඉරිදා කියන්නේ ධිවර සංස්කෘතියේ ප්‍රධානම දිනේ.
ගෙවල් වල එදාට හදපු කෑමත් වෙනදට වඩා විශේෂයි.
සමහරු කියන්නේ මිගමුවේ පාස්වර්ඩ් එක ඌරු මසුයි මඤ්ඤොක්කා කියල.
ඉස්සර නම් එහෙමම තමයි.ආර්ථික කරදරත් එක මේව දැන් සමහර විට ටික ටික වෙනස් වෙලා.
ඉරිදට අනිවාර්යෙන්ම පල්ලිය යන ධීවරයා ඊට පස්සේ යන තව පල්ලියක් තිබුන.
ඒ තමයි ධිවරයෝ විසින්ම හඳුන්වපු පොල්කටු පල්ලිය.
ගොඩක් ධිවරයෝ ඉරිදට මස් ටිකක් කාල අඩියක් ගහල ඉන් තමයි කැමැති.
සමහරුන්ගේ පේවරිට් එක තමයි රා
දැන් කාලේ හොද රා මෙහෙ කොහෙවත්ම නැතිවුනත් ඒ කාලේ ධිවරයෝ බයිසිකල් පැදගෙන.කටාන පැත්තටත් යනව රා බොන්න.
රා තැබෑරුමට තමයි එයාල පොල්කටු පල්ලිය කියල කිව්වේ එයාල රා බිව්වෙ පොල් කට්ටෙන්.
දැන් මේ හුඟක් දේවල්
වෙනස් වෙලා.
ධීවරයෝ කොහොමටත් ඒ කාලේ කැමති නැ සීල් අරක්කු වලට.ඒක එයාලගේ ආතල් සංස්කෘතියේ කොටසක් නෙමේ එදා.
හැබැයි පොල්කටු පල්ලිය නම් ඉරිදට ඒ කාලේ වරදින්නෙම නැති තැනක්…
..












