පහුගිය දවස්වල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලෑලි වල වැඩිපුරම දකින්න තිබුන ලොකු හුරුල්ලෝ නම් අදත් හිඟයි කියල තමයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටින්නේ.
හැබැයි මේ දවස් ටිකේම සාලයා මිළ නම් බැහැල තියෙන්නේ.කිලෝවක් රු 250- 300 ත් මිළකට අද ගන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.දවල් වෙද්දි නම් රු 200කට යයි.
අදත් ලින්නෝ නම් හිඟයක් නැතිව තියෙනව.කිලෝවක් 500- 600ත් අතර මිළකට ගන්න පුලුවන්.
හැබැයි බලයි මිළ නම් ඉහල ගිහින් රු1100පැනල යනව.කෙලවල්ලත් එහෙමයි.
අලගුඩුවොත් කුම්බලා මාලු රු 600ක් විතර වෙනව.
කොහොමත් අනිත් වර්ගත් සෑහෙන්න අද තියෙනව.අද ටිකක් වැඩිපුරම මාළු තියෙන දවසක් කියල තමයි හැමෝම කියන්නේ.












