2026-02-05
මාධ්‍ය නිවේදනය
එළඹෙන පෙබරවාරි මස 12 වනදා පැවැත්වීමට නියමිත බංගලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුලු පැෆ්රල් ආයතනයේ නිලධාරීන් පිරිසක් අද (05) අලුයම බංගලාදේශය බලා පිටත්ව ගියහ.
ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් බංගලාදේශයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සිදුකරනු ලබන අතර හෙට්ටිආරච්චි මහතා එම මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියාද වෙයි.
මේ අතර එළඹෙන 8 වනදා තායිලන්තයේ පැවැත්වීමට නියමිත ජනමත විචාරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන්ද පැෆ්රල් නිලධාරියෙකු සම්බන්ධ වී සිටියි.
උපේක්ෂි ප්‍රනාන්දු
වැඩසටහන් කළමණාකාරිනි












