ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේදි !

0
360
jayalal 1

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිත ය.

දේහය ඊයේ (12) පස්වරුවේ ගනේමුල්ල, කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.

ඒ මහතාගේ දේහය අද පස්වරුවේ සුදර්ශි ශාලාව වෙත රැගෙන ඒමෙන් පසු හෙට (14) පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට නියමිතව ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඡායා-පියපේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here