මිගමුව කොච්චිකඩේ කම්මල් මෝයේ ඊයේ දිනේ දියනෑමට ගොස් සිටි දරුවන් 4 දෙනෙකුගෙන් එක් දැරියක් බේරගැනිමට එහි සිටි වැඩිහිටියන්ටද නොහැකි වි තිබුණි.
වයස අවුරුදු 9 ක් වු මෙම දැරිය සිය වැඩිහිටි ඥාතියෙකුද සමගින් දියනෑමට ගොස් තිබුනේ ඇයගේ සම වයසේ තවත් තිදෙනෙකුද සමගින්ය.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය නිසා කම්මල් මෝය ප්‍රදේශයේ තැනින් තැන වල් හැරි ඇති නිසා මෙම දැරිය එම වලක් තුලට ඇදවැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසින් කියා සිටියහ.
මිට පැයකට පමණ පෙර ඇගේ සිරුර ඇය දියනාමින් සිටි ස්ථානයේම තිබි සොයාගෙන ඇත.












