( 1.30 pm ) ඉස්සෝ කියන්නේ කව්රුත් කන්න ආස කෑමක් , හැබැයි වැඩේ දැන් කාලෙක ඉදන් ඉස්සෝ කන එක ගැන හිතන්නවත් බැ පට්ට ගණන් .
වෙනදා රු 1200 ක් වෙච්ච මධ්‍යම ප්‍රමාණයේ ඉස්සෝ කිලෝවක් දැන් යන්නේ රු 1700 ට උඩින් .
මේ අපි කථා කරන්නේ කලපු හරි මුහුදු ඉස්සෝ ගැන නෙමේ පාම් ඉස්සෝ ගැන .
මේකට හේතුව අහපුවම මිගමු ලෙල්ලමේ ප්‍රධාන ඉස්සන් අලෙවිකරන ව්‍යාපාරිකයන් කිව්වේ ඉස්සන්ට දෙන කෑම වලට අදාලව රට තුල ක්‍රියාත්මක වෙන මාෆියාව ලු.
රජය මැදිහත්වෙලා ඉස්සන්ට දෙන කෑම මේ මාෆියාවෙන් ගලවගන්න පුලුවන් නම් සාමාන්‍ය පවුලකටත් ඉස්සෙක් කන්න පුලුවන් ගානට මිළ පහල යයි කියල තමයි මේ ව්‍යාපාරිකයෝ නම් කියන්නේ
බලන් ගියාම මාෆියාවල් නැති තැනක් නැ. හාල් කාරයෝ ලුණු කාරයෝ ඔය වගේ තවත් දිග ලයිස්තුවක් දාන්න පුලුවන්.












