මිය ගිය බංගලාදේශයේ කම්කරුවන් කටුනායකදි සැමරේ!

0
188

 

දැනට වසර දොළහකට පෙර බංගලා දේශයේ රනා ප්ලාසා ඇඟලුම් කර්මාන්තශාලාවේ 1500කට අධික පිරිසක් සේවය කරමින් සිටියදී අනතුරකින් මිය ගිය අය සිහිපත් කරමින් පසුගිය 24 සවස කටුනායක නිදහස් වෙළඳ කලාපය ඉදිරිපිටදී
සැමරුම් උත්සවයක් පැවැත්විය

මෙම අවස්ථාවට තුර්කියා, මැසඩානියා, නේපාලය, ප්‍රංශය,ටැන්සානියා,පිලිපීනය ඇතුළු විදේශීය රටවල කාන්තාවන් පිරිසක් හා ස්ත්‍රී මධ්‍යස්ථානය ඇතුළු දේශීය සංවිධාන පහලවක පමණ සාමාජික පිරිසක් සහභාගි විය .

ඇමරිකාව විසින් පනවන ලද බදු ප්‍රතිපත්තියට හා එම බදු ප්‍රතිපත්තිය නිසා දේශීය ඇඟලුම් කර්මාන්තය බිද වැටීමට ලක්වීමේ අවධානම නිසා ඇඟලුම් සේවිකාවන්ට වෙන අසාධාරණයට එරෙහිව විරෝධතාවයක්ද සිදු කළේය
ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් මෙය සංවිධානය කර තිබූනි

ගමිපහ පියපේම මානික්කරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here